මුහුදේ පාවෙන අත්භූත නැවක් මියන්මාරයෙන් මතුවෙයි. – Photo

පුංචි කාලේ අපි කාටූන් වල දැකපු දෙයක් තමයි මුහුදේ පාවෙන හොල්මන් නැව්. ඒ දවස්වල අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ඇත්තටම මුහුදේ හොල්මන් නැව් තියෙනවද කියලා.

පහුගිය දා මියන්මාරයේ රැන්ගුන් මුහුදු සිමාවේ පාවෙමින් තිබු විශාල නැවක් හොයාගෙන තියෙනවා. මීටර් 177 කට වඩා දිගින් යුත් මෙම නෞකාව ඉන්දුනීසියානු ධජය සහිත එකක්. ” Sam Ratulangi
PB 1600″ කියලා තමයි මේ නැව නම් කරලා තියෙන්නේ.

හැබැයි නෞකාවේ මිනිස් පුළුටක්වත් තිබිලා නෑ. ඒ වගේම කිසිම භාණ්ඩයක් තිබිලත් නෑ. මේ නිසා මියන්මාර පොලිසිය මේ අත්භූත නැව ගැන පරීක්ෂණයක් ආරම්භ කරා. මේ පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙන්නේ ඉන්දුනිසියාවට අයත් මෙම නෞකාව ටග් යාත්‍රාවක් මගින් කැබලි කිරිම සදහා බංග්ලාදේශය කරා රැගෙන යමින් තිබු එකක් කියලා.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙම නෞකාවේ හටගත් කාර්මික දෝෂයක් හටගෙන තියෙනවා. ඒ නිසා නැව අත්හැරලා දමන්න එහි කර්ය මණ්ඩලය තිරණය කරලා තියෙනවා.

එම නෞකාවේ සිටි 13 දෙනෙක් ගෙන් යුත් කාර්ය මණ්ඩලය හා නැව බංග්ලාදේශය කරා ඇදගෙන යමින් තිබු ටග් යාත්‍රාව මියන්මාර නාවික හමුදාව විසින් සොයා ගෙන තියෙනවා. ඊට පස්සේ තමයි මේ අත්භූත නැවේ අභිරහස විසඳිලා තියෙන්නේ.


gossip lanka