දෙමව්පියන් නැති 15 හැවිරිදි දැරිය රවටා රෑට රෑට ගෙට පැන්න දෙදරු පියාට වැඩ වැරදුනු හැටි

මවුපියන් නොමැතිව අසල්වැසි නිවසක හිතවත් පවුලක්‌ සමග ජීවත් වූ 15 හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ විවාහ කර ගන්නා බව කියා රවටා මාස දෙක තුනක කාලයක්‌ තිස්‌සේ ඇයව අපයෝජනයට ලක්‌ කළ 33 හැවිරිදි දෙදරු පියෙක්‌ හෙට්‌ටිපොළ පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. ආනන්ද රාජපක්‍ෂ මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙනව‍ා.

හෙට්‌ටිපොළ දහනැක්‌ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරියගේ නිවසට යාබද නිවසේ හිමිකරු මෙසේ
කාලයක සිට ඇගේ නිවසේ හිමිකරුවන් නොමැති අවස්‌ථාවලදී හා රාත්‍රි කාලයේදී ඇය සිටින කාමරයට ගොස්‌ මෙම අපයෝජනය සිදුකොට ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය දිනෙක සැකකරු රාත්‍රි කාලයේ දැරියගේ නිවස පිටුපස සිට යනු දුටු අයෙකු එම නිවැසියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය හෙළිදරව් කර ගැනීමට හැකිවී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු හෙට්‌ටිපොළ මහෙස්‌ත්‍රාත් ෆාතිමා සහානා වසන්ති මහත්මිය වෙත ඉදිරිපත් කොට ඇති අතර ඇප මත නිදහස්‌ කර තිබෙන අතර දැරිය කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත්කොට ඇති බවයි වාර්තාවුණේ.

පොලිස්‌ පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උ.පො.ප. හේරත් මහත්මිය ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මෙහෙයවනවා.