gossip lanka

දින ගණනක් පාසල් දැරියකගේ රහස් ප්‍රදේශය අතගෑ සීයාට වැඩ වරදී

පාසල් සිසුවියකගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කරමින් ඇයව අපහසුතාවයට පත් කළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙකු කරුවලගස්වැව පොලිසිය විසින් කොටුකරගෙන තිබෙනවා.

මෙම විශ‍්‍රාමිකයා යම් යම් විෂයන් ඉගැන්වීමට යැයි පවසමින් සිසු සිසුවියන් නිවසට ගෙන්වා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නිවසේ කිසිවකු නැති අවස්ථාවක දී අදාළ සිද්ධියට මුහුණ දුන් දැරිය  කාමරයකට රැගෙන
ගොස් දැරියගේ රහස් ප‍්‍රදේශ ස්පර්ෂ කර ඇති බව සඳහන්.

දින ගණනාවක්ම විටින් විට ඔහු මෙම දැරියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කිරීම සිදුකොට ඇති බව වාර්තා වෙනවා.

මෙම විශ්‍රාමිකයා 69 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළා.

ඔහු පුත්තලම මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කරුවලගස්වැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුරවීර ජයලත් ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

gossip lanka