පුතා ගෙදර නතරකරගෙන සිටි පෙම්වතියට අතවර කරන්න හදපු පියාට ගම්වාසීන් කල දේ

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විසින් විවාහ වීමට පෙර තම නිවසට කැඳවාගෙන විත් නතර කරගෙන සිටි  පෙම්වතිය තරුණයාගේ පියා විසින් අපයෝජනය කළ බව කියන පුවතක් වාර්තා වනවා. තම පුත්‍රයා විසින් විවාහ වීමට සිටින දහනව හැවිරිදි පෙම්වතිය තම දෙමාපියන්ගේද කැමැත්ත මත තරුණයාගේ නිවසට පැමිණ ඉදිරියේදී විවාහ
වීමට බලාපොරොත්තුවෙන් එකට ජීවත් වී තිබෙනවා.

ඒ අනුව  එම තරුණයා තරුණිය නිවසේ තබා කුලී වැඩ සඳහා නිවසෙන්  පිටත්ව යන අතර පසුගියදා ඔහු නිවසෙන් බැහැරට ගොස් නිවසේ කිසිවෙකු නොසිටි  අවස්ථාවේදී සැකකාර පියා විසින් තම පුතාගේ පෙම්වතිය මෙලෙස අපයෝජනය කිරීමට තැත් කර තිබෙනවා. එම අවස්ථාවේදී තරුණියගේ කෑ ගැසීම නිසා ප්‍රදේශවාසීන් එහි පැමිණ අදාල සිදුවීම පොලිස් හදිසි ඇමතුම් අංකයට සහ බුත්තල පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා

පසුව බුත්තල පොලිසිය විසින් එහි පැමිණ  සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.   අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි හතලිස් අට හැවිරිදි අයෙකු වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.