කොස්සක් කැඩෙනකන් බිරිඳගෙන් පහර කෑ වෛද්‍යවරයාට බිරියන් පස්දෙනකු සමඟ දරුවන් දහතුනක්..!

වෛද්‍යවරයෙකු තම බිරිඳ විසින් කොස්සක් කැඩෙන තුරු තමන්ට පහර දුන් බව පවසමින් සිදුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමේදී අදාළ වෛද්‍යවරයාට නිත්‍යානුකූල බිරියට අමතරව තවත් අනියම් බිරියන් පස්දෙනකු සහ දරුවන් 13 දෙනකු සිටින බව අනාවරණය වී ඇති බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරනවා.

අදාළ වෛද්‍යවරයාග‍ේ නිත්‍යානුකූල බිරියට දරුවන් තිදෙනකු සිටින අතර ඔවුන්ගෙන් අවුරුදු 2 1/2ක්
වයසැති දරුවා රැගෙන යාමට ඔහු පැමිණි අවස්ථාවේදී බිරිය විසින් කොස්සක් කැඩෙන තුරු ඔහුට පහරදී තිබෙනවා. කෙසේ වෙතත්  බිරියගේ කොසු ප්‍රහාර හමුවේ එම දරුවා රැගෙන ගොස් ඔහුගේ දෙවැනි අනියම් බිරියට බාරදී ඇති අතර පසුව කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වී දරුවා මුදාගෙන නිත්‍යනුකූල බිරියට බාරදී තිබෙනවා.

මේ අතර වෛද්‍යවරයාගේ නිත්‍යානුකූල බිරිය වෛද්‍යවරයාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවසක සිය දරු තිදෙනා ද සමග පදිංචිව සිටින බවද අනාවරණය කරගෙන තිබෙනවා. එසේම එම්.බී.බී.එස්. උපාධිධාරියකු වූ වෛද්‍යවරයා කොළඹින් පිට පළාතක ශික්‍ෂණ රෝහලක සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් ඇති බවද පැමිණිලි විභාගයේදී අනාවරණය කරගෙන තිබෙනවා.

තම වෛද්‍ය සැමියාට අනියම් බිරියන් පස් දෙනෙකු සිටින බව තමන් දැනගත්තේ විවාහ වී ටික කාලයකට පසුව බව වෛද්‍යවරයාගේ නීත්‍යානුකූල බිරිඳ ප්‍රකාශ කර ඇති අතර පැමිණිල්ල විභාග කිරීම සඳහා අදාළ වෛද්‍යවරයා සහ ඔහුගේ නිත්‍යානුකූල බිරිඳ ද කොල්ලුපිටිය පොලිස් ස්ථානයට කැඳවා තිබුණා.