gossip lanka

"ජනප්‍රියත්වය හෝ මුදල් වෙනුවෙන් මම ආදරය කරන අයගේ ජීවිත අනතුරේ දාන්න මට බෑ..." - ලෝකයම ආදරය කරන සුපිරි වීරයා කියයි

හොලිවුඞ් සිනමාවේ වීරයන්ටත් එහා ගිය සුපිරි වීරයන්ට තියෙන්නෙ ඉතා ඉහල පිළිගැනීමක් ඒ වගේම ජනප්‍රියත්වයක්. Thor කියන්නෙත් ඒ වගේම දිව්‍යමය බලයක් තිබෙන සුපිරි වීරයෙක්. මාවල් කොමික් සිනමා පට මාලාවේ තෝර් චරිතය නිරූපණය කරන සුපිරි හොලිවූඞ් නළු ක්‍රිෂ් හෙම්ස්වර්ත්(Chris Hemsworth) අතිශය ජනප්‍රිය නළුවෙක්. ඔහුගේ කඩවසම් පෙනුම නිසාම  පිරිස
වැඩියි. මේ ඔහු ගැනයි.

ඔබ සිනමා වේ සුපිරි තරුවක්ම පමණක් නොවේ සුපිරි වීරයෙක්?
සිනමාවේ සුපිරි තරුවක් වෙන්න සුපිරි විරයෙක් වෙන්න වුණා. ඒ ගැන සතුටුයි. අවුරුදු 8 ක් වගේ කෙටි කාලයකින් ලෝකයම දන්න තරුවක් වීම ගැන.

ඔස්ට්‍රේයානු ටෙලි නාට්‍ය නළුවෙක් ගේ සිට සුපිරි හොලිවුඞ් තරුවක් වීමේ රහස?
මහන්සි වී වැඩකිරිම හැර වෙන විශේෂ දෙයක් නම් නෑ. අරමුණක් ඇතුව වැඩ කළොත් අවශ්යම දේ ළඟා කරගන්න පුළුවන් කියන එකට හොදම උදාහරණයක් මම.
පාසැල් යන කාලෙ කොම්ක් පොත්වල තෝර් කියවනකොට මම ඒ චරිතයට මාව ආදේශ කරගත්තා. මම හිතන්නෙ පොත් කියවන හැමෝම එහෙමයි. ඒත් අන්තිමට සිනමාවෙත් මට ඒ දේම කරන්න ලැබුණාම පුදුම සතුටක් දනුණෙ.

සුපිරි වීරයාගේ චරිතයේම ඉන්නද අදහස?
ප්‍රේක්ෂකයා ඉල්ලන දේ දෙන එකයි සිනමා නළුවෙක් හෝ නිළියක් කරන්න  ඕනෑ. පැවැත්ම තියෙන්නෙ එතකොටයි. ඒත් වෙනත් චරිතත් වෙලාව ඇති විදියට භාර අරගෙන කරනවා.

ඔබ 35 හැවිරිදි විවාහකයෙක්. තිදරු පියෙක්. කොහොමද පෞද්ගලික ජීවිතයත් එක්ක වෘත්තීය ජීවිතය සමබර කරගන්නෙ?
ඇත්තටම ලොකු වෙහෙසක් දරන්න වෙනවා. මගේ බිරිද සහ දරුවන් පදිංචිය  ඕස්ට්‍රේලියාවෙ. බොහෝ වෙලාවට මගේ රූගත කිරීම් තියෙන්නේ යුරෝපයේ. ඒ නිසා බොහෝ කාලයක් පවුලෙන් ඈත්වෙලයි ගත කරන්නෙ. ඒ නිසා හැකි හම වෙලාවෙම ඔවුන් සමග ඉන්නයි කැමති.

ඔබේ පවුල ගැන පොඩි විස්තරයක් කළොත්?
 මම එල්සා සමග විවාහවෙලා අවුරුදු 8ක්. හරියටම මම සිනමාවට ආපු කාලෙ. මගේ වැඩිමහල් දියණිය ඉන්දි දැන් වයස අවුරුදු 6ක්. ඒ වගේම නිවුන් පුතුන් දෙදෙනා ටි‍්‍රශාන් සහ ශශාට වයස අවුරුදු 4 ක්.

ඔබේ දරුවන් ඔබව දකින්නෙත් සුපිරි වීරයෙක් ව්දිහටද?
හැම දරුවෙක්ටම එයාලගෙ තාත්තා කියන්නෙ සුපිරි වීරයෙක් තමයි. මට කියලා විශේෂත්වයක් නෑ. හැබැයි පොඩි පොඩි සිදුවීම් නම් වෙනවා. එක් වරක් ඉන්දිගේ පාසැලේ දෙමාපියන්ගේ ධාවන තරගයකට සහභාගි වෙලා ප්‍රථම ස්ථානය මට ලැබුණා. ජයග්‍රහණය වෙනුවෙන් මට ලැබුණෙ පුංචි ස්ටිකරයක්. ඔබ හිතන්න ඇවෙන්ජර්ස් හි සුපිරි වීරයාට ජයග්‍රහණය වෙනුවෙන් ස්ටිකරයක්.

ඔබ ගෙදරින් පිට රූගත කිරීම්වලට යද්දි බිරිද සහ දරුවන් ගේ ප්‍රතිචාර කොහොමද?
ඒ වෙලාවට එයාලට වඩා මම හැගීම් බරයි. සාමාන්‍යයෙන් මම ගමනක් යන වෙලාවට නම් ඉන්දි මට කියන්නෙ dad පරිස්සමින් ගිහින් එන්න කියලා. ඒත් මම රටින් පිට රූගත කිරීම්වලට යන වෙලාවට papa, papa කියමින් නිතරම මම ළගම ඉන්නවා. ඇය papa කියලා මට කතා කරන්නෙ නෑ සාමාන්‍ය වෙලාවට. එක් වරක් මම රූගත කිරීමකට යන්න කලින් මගේ කමිසයක අර ජයග්‍රාහී ස්ටිකරය පැළඳගෙන ගියා. ඇයට ඒක විශාල සතුටක් මෙන්ම ආඩම්බරයක් වුණා.

කොහොමද මාධ්‍යවලින් සහ සමාජ ජාලාවලින් ඔබේ පවුල් ජීවිතයට එන තර්ජන?
මම නිතරම මගේ බිරිඳ සහ දරුවන් මාධ්‍යවලින් ඈත් කරලයි තියන්නෙ. ඔවුන් ඔස්ට්‍රේලියාවේ ඉන්න නිසා එක අතකින් ඒක පහසුවක්. මම ඔවුන්ගේ මුහුණු මාධ්‍යයෙන් වසන් කරලයි තියන්නෙ. විවිධ වැඩ සටහන් වෙළෙඳ දන්වීම්වලින් ආරාධනා එනවා පවුල සමගම පෙනී සිටින්න. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මට ජනප්‍රියත්වයට වඩා මගේ පවුල වටිනවා. ජනප්‍රියත්වය හෝ මුදල් වෙනුවෙන් මම ආදරය කරන අයගේ ජීවිත අනතුරේ දාන්න මට බෑ.

ඔබ දකින්නේ මාධ්‍යවේදීන් තර්ජනයක් විදිහටද?
හැමෝම නෙමෙයි. ඒත් පැපරාසින් ගෙන් නම් හරිම කරදරයි. වරක් ඔවුන් මගේ දරුවන් නිරුවතින් නාන දර්ශන රූගත කරමින් සිටියා. එදා එතැන පිරිසක් නොසිටින්න මම ඔහුගේ කැමරාව පොඩි කරන්නත් තිබුණා.

ඒත් ඔබ දරුවන් සමග සිටින ඡායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා?
ඔව් සමහර වෙලාවට. ඔවුනුත් ඒකට කැමතියි. ඒ හැම පින්තූරයක්ම ඔවුන්ට කිසිම හානියක් නොවෙන විදිහටයි මම පාවිච්චි කරන්නෙ.

ඉදිරියේදී ඔබේ රඟපෑම් අපිට දැක ගන්න පුළුවන් නිර්මාණ මොනවාද?
මෙන් ඉන් බ්ලැක් චිත්‍රපට මාලාවේ මීළඟ කොටසට මම සම්බන්ධ වෙනවා. මේ දිනවල රූගත කිරීම් සිදුවෙනවා. ඒක මට ලැබුණු හොඳම අවස්ථාවක්. ඒ වගේමයි ඇවෙන්ජර්ස් කතා මාලාවේ මීළඟ කොටසේ රූගත කිරීම් නම් මේ වන විට අවසන්. චිත්‍රපට දෙකම ලබන වසරේ තිරගත වේවි.

මෙතෙක් ඔබ රගපෑ චරිත අතරින් කැමතිම චරිතය?
පියාගේ  චරිතය. මම රගපෑ කිසිම චිත්‍රපටයක මා ඒ තරම් හැගීම්බර වෙලා නෑ.

චරිත් මොරගොඩ

gossip lanka