gossip lanka

දුවද්දී දැවීම් යාම් වලින් මැතිව්ස් ලෝක වාර්තාවක් තබයි - චන්දික හතුරුසිංහගෙන් හෙළිදරව්වක්!

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට සම්බන්ධ වී ඇති බවත් ඉන් 49 වතාවකදීම එහා අන්තයේ සිටි පිතිකරු දැවී ගොස් ඇති බවත් එය ලෝක වාර්තාවක් බවත් පුහුණු කරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි.

පෙරේදා (26) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී
හතුරුසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඒසේම මැතිව්ස් කඩුලු අතර දිවයාමේදී ගැටලුවක් ඇති බවත් ඔහු දෙවැනි ලකුණු කරා නොයන බවත් ඇතැම් විට ලකුණු කරා නොයන බවත් ඒ හේතුවෙන් අනෙක් අන්තයේ සිටින පිතිකරුවා පීඩනයකට ලක්වන බවත් හතුරුසිංහ පැවැසීය.

gossip lanka