අසභ්‍ය දර්ශන රූගත කිරීමේ ජාවාරමක යෙදුණු නුගේගොඩ ගණිකා මඩම වටලයි! බෆල් ඇතුළෙන් වීඩියෝ කැමරා මතුවෙලා!!

අසභ්‍ය දර්ශන රූගත කර අලෙවි කිරීමේ ජාවාරමක යෙදෙමින් ආයුර්වේද සම්භාහන ආයතනයක්‌ ලෙස නුගේගොඩ හයිලෙවල් පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක්‌ කොටුකර ගැනීමට කොහුවල පොලිසිය සමත් වී තිබේ.

 ඉකුත් 18 දින කරන ලද වැටලීමකදී ගණිකා වෘත්තිය සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනකු සමඟ එහි කළමනාකාරිනිය අත්අඩංගුවට ගත් බව පොලිසිය
කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස 35 ත් - 40 ත් අතර පසුවන අම්බලන්තොට, නුවර හා අනුරාධපුර පදිංචිකාරියන් බව පොලිසිය හඳුනාගෙන ඇත.

 මෙහිදී රුපියල් 3500 ක්‌ ගෙවා පොලිස්‌ උපාය දූතයකු යොදවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. සැකකාරියන් කළ ප්‍රකාශ අනුව අදාළ ස්‌ථානයේදී රුපියල් 3500 සිට 10,000 දක්‌වා මිල ගණන්වලට කාන්තාවන් අලෙවි වී ඇති අතර ඉහළ පෙළේ ප්‍රභූන් හා ධානපතීන් එහි පහස විඳ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 වැඩිදුරටත් කළ පරීක්‍ෂාවේදී කාමරවල තිබූ බෆල් තුළ සවි කළ කුඩා වීඩියෝ කැමරා මගින් පටිගත කිරීමේ පද්ධතියක්‌ ක්‍රියාත්මක වෙමින් පැවැති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ගණිකා මධ්‍යස්‌ථානයේ දර්ශන ඡායාරූප හා වීඩියෝගතකර කූට ජාවාරමක්‌ ද කර ඇතැයි පොලිසිය සැක කරයි.

 ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොෂාන් විෙ-සිංහ හා සහකාර පොලිස්‌ අධිකාරි ෂෂ සමන් ජයසේකර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන්, කොහුවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක ජයසංඛ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන බණ්‌ඩාර (75707), සමන් (79033), දිනේෂ් (72748), ධනුෂ (75315), රංගන (73019) රණසිංහ, (78498) වීරසිංහ, (83802), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (10432) මධුෂිකා යන කණ්‌ඩායම වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.