gossip lanka

"මැරිලම එන්නද නැතනම් ඇවිත් මැරෙන්නද ඇමතිතුමෝ.." - ඇමති අජිත් පී පෙරේරාගේ අාරාධනයෙන් බුකිය කැළඹෙයි

විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා සිය නිළ ෆේස්බුක් ගිණුමේ පලකල සටහනක් පිළිබඳ කතාබහක් ඇතිව තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ බණ්ඩාරගම , අදුන්වැන්න ආදාහනාගාරය අද ජනතා අයිතියට . ඔබ සැමට ආරාධනා  යනුවෙනි.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයට බොහෝ දෙනා හාස්‍යජනක ප්‍රතිචාර ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් එම ප්‍රතිචාරයන්ට නැවත වරක් පිළිතුරු දී ඇති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ බණ්ඩාරගම ජනතාව වෙනුවෙන් , රජයේ අරමුදල් රැ. ලක්ෂ 220 ක් වැයකර ඉදිකරන ලද , නවීන ගැස් අදාහනාගාරය ජනතාවට ( ප්‍රාදේශීය සභාවට ) භාරදීම නිමිත්තෙන් , කරන ලද FB ආරාධනයෙන් සතුටට ,පත්ව ඒ වෙනුවෙන් ඉමහත් ප්‍රචාරකයක් නොම්ලේම ලබාදුන් ලොවපුරා සිටින ශ්‍රී ලාංකිකයන් සැමට මගේ ස්තුතිය. යනුවෙනි.

gossip lanka