මව්පියන්ගේ අවසර ඇතුව ඇසුරු කළ පෙම්වතා බාලවයස්කාර දැරිය ගැබිනියක් කළ හැටි

භාරකරුවන් නිවසේ නොමැති අවස්‌ථාවන්හිදී වයස පහළොස් දැරියක්‌ දූෂණය කරන ලද සැකකරුවෙක්‌ මාදම්පේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය මාදම්පේ, ගල්මුරුව මැල්වත්ත ප්‍රදේශයේ දෙමාපියන් සමග පදිංචිව සිට ඇති අතර ඇය වසර දෙකක පමණ කාලයක සිටකවිඳු ගයාන් මධුරංග නැමති පුද්ගලයේ සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත්තේ ඔවුන් දෙදෙනාගේම දෙමව්පියන්ගේද කැමැත්ත ඇතිවයි.

තරුණයා මාදම්පේ ප්‍රදේශයට පැමිණ පෞද්ගලික
ආයතනයක රැකියාවක්‌ කරමින් මාදම්පේ හැඩබණ්‌ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු විවෙකී අවස්‌ථාවල මෙම දැරිය බැලීමට ඇය පදිංචිව සිටින නිවසට ගොස් වැඩිහිටියන් නොමැති විට ඇය සමග ලිංගිකව හැසිරී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සතියක පමණ කාලයක සිට දැරියට හිසරදය හා වමනය වැනි රෝග ලක්‌ෂණ ඇති වූයෙන් ඇය ප්‍රතිකාර ගැනීම සඳහා ගල්මුරුව රජයේ රෝහලට රැගෙන ගොස්‌ ඇති අතර එහිදී ඇයගේ මුත්‍රා සාම්පලයක්‌ පරීක්‌ෂා කළ වෛද්‍යවරිය ඇය ගැබිනි තත්ත්වයේ පසු වන බවට කරුණු අනාවරණය කරගෙන වැඩිදුර පරීක්‌ෂණ සඳහා දැරිය හලාවත මහ රෝහලට යවා තිබෙනවා.

හලාවත රෝහලේදී අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්‌ෂණයකට ලක්‌ කිරීමෙන් පසුව දැරිය බාලවයස්‌කාරියක්‌ වීම මත රෝහල් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව රෝහල් පොලිසිය මාදම්පේ පොලිසිය දැනුවත් කර පසුව සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‌ෂණ ආරම්භ කර තිබෙනවා