විසිපස් හැවිරිදි අනියම් පෙම්වතිය සමග ඇයගේ නිවසේ පෙම් සුව විදිමින් සිටි හැට හැවිරිදි පියාට ඔහුගේ දරුවන් තිදෙනා සිදු කල දේ

විසිපස් හැවිරිදි දෙදරු මවක් සමග අනියම් සබඳතාවක් පැවැත්වූ හැට හැවිරිදි තම පියා අල්ලා උහන පොලිසියට බාරදුන් විවාහක දරු තිදෙනකු පිළිබඳව අම්පාර උහනින් වාර්තා වනවා.

හැට හැවිරිදි පියාගේ දරු තිදෙනාම විවාහ වී දරුවන් සිටින අතර අතර සැමියා හැරදමාගිය කාන්තාවක සමග ඔහු කාලයක් තිස්සේ අනියම් සබඳතාවක් පත්වාගෙන ගොස් ඇතැයි පැවසෙනවා.

මේ සබඳතාව නවතා දමන ලෙස ඔහුගේ බිරිඳ සහ දරුවන් අවස්ථා කිහිපයකදීම අවවාද කර ඇතත් එම
අවවාද නොතකා දිගටම ඔහු එම සබඳතාව පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔහු 25 හැවිරිදි දෙදරු මව සමග ඇයගේ නිවසේ සිටින බව දරුවන්ට ලැබුණු තොරතුරක් මත කාන්තාවගේ නිවස වටලා දොර කඩා ඇතුළු වී දෙදෙනාම අල්ලාගෙන 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.

උහන පොලිස් ස්ථානාධිපතිවරයා 60 හැවිරිදි පුද්ගලයාට සහ කාන්තාවට මෙම සබඳතාව නතර කර යහපත් පවුල් ජීවිතයක් ගෙනයන ලෙස කරුණු පහදා ඉල්ලා ඇති අතර එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කල ඔහු 25 හවිරිදී කාන්තාව කිසිසේත් අමතක කිරීමට නොහැකි බව පවසා ඇති බවයි වාර්තාවුණේ.

60 හැවිරිදි පුද්ගලයා දිගින් දිගටම කාන්තාව සමග පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍යය බව පැවසීම නිසා අවසානයේ එයට කැමැත්ත දීමට දරුවන් තිදෙනාටද සිදු වී ඇත.

කඩා දැමු දොරේ අලාභය අයකර දෙන ලෙස 25 හැවිරිදි කාන්තාව ඉල්ලීමක් කර ඇති අතර ඇයගේ අනියම් සැමියාගේ දරු තිදෙනා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බව පොලීසිය කියයි.