සුනඛයින්ට සපත්තු පළඳවන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් - Photos

අධික උණුසුමෙන් රත් වූ මාර්ගවල ඇවිද යාමේදී යටිපතුල් පිළිස්සීම වළක්වාගැනීම සඳහා නගරයේ සුනඛයන්ට සපත්තු පළඳවන ලෙස ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයේ පොලිසිය හිමිකරුවන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සූරිච් පොලිසිය "උණුසුම් වූ සුනඛයන්" නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර සුනඛයින් උණුසුමෙන් රත් වූ පදිකවේදිකාවල ඇවිද යන විට ඔවුන්ගේ යටි පතුල්වලට වන හානිය අවම කර
ගැනීමේ ක්‍රම ගැන සුනඛ හිමිකරුවන් දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවන බවයි වාර්තා වන්නේ.

සූරිච් පොලිසිය සුනඛ හිමිකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සුනඛයන් ඇවිදීමට රැගෙන යෑමට පෙර තත්පර පහක කාලයක් සිය අත්ල පොළොවට තබා උෂ්ණත්වය පරීක්ෂා කර බලන ලෙසයි.

එමෙන්ම සිය සුරතල් සතුන් රත් වී ඇති වාහනවල දමා වසා යෑම නොකරන ලෙසත්, ඔවුන්ට අවශ්‍ය තරම් බීමට ජලය ලබා දෙන ලෙසටත් ඔවුන් අවවාද කර තිබෙනවා.

යුරෝපය පුරා මේ දිනවල අධික උණුසුම් තත්වයක් පවතින අතර ස්විට්සර්ලන්තය 1864 වසරෙන් පසු වැඩිම උෂ්ණත්වයකින් යුත් සරත් සෘතුවට මුහුණ පා සිටිනවා.

එබැවින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වුවත්, පොළොව සෙල්සියස් අංශක 50 -55ක් පමණ රත් වී ඇති බව දැනෙන හෙයින් සුනඛයන් දැඩි අපහසුතාවට පත්වන බවයි සූරිච් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ.