දැරියක් දූෂණය කර දස වසරක් සිරගෙට නියම වූ තරුණයා තවත් දැරියක් සමඟ පවුල් කද්දී කොටුවුණ හැටි

බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කිරීමේ වරදට වසර දහයක සිර දඬුවමක්‌ නියමව සිටි පුද්ගලයෙකු තවත් බාලවයස්‌කාර දැරියක් කුලී නිවසක අඹුකමට තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයක්.

සැකකරු නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට ඇත්තේ දැනට පාසල් වියේ පසුවන 15 හැවිරිදි
සිසුවියක බවයි පැවසෙන්නේ.

මෙම පාසල් දැරිය සඟවාගෙන සිටින බවට ගල්ගමුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කරන ලද වැටලීමකදී සැකකරු සහ දැරිය කොටුකර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව කොළඹ අවට ප්‍රදේශයේ නිවසකදීයි.

පසුව සැකකරු ගැන විමර්ශනය කිරීමේදී මීට වසර හයකට පෙර හෝමාගම ප්‍රදේශයේ බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කොට පලා ගොස්‌ සැඟව සිටි පුද්ගලයකු බවට අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳව මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව සැකකරුට එල්ල වී තිබූ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ඔහුට වසර 10 ක සිර දඬුවමක්‌ නියම වී තිබූ බව ද වාර්තා වනවා.

සිර දඬුවම නියම වන අවස්‌ථාව තෙක්‌ම සැකකරු නඩු විභාගයට ඉදිරිපත්ව නොමැති බවයි පොලිසිය පවසන්නේ.

බාලවයස්‌කාර දැරිය හා සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.