රාත්‍රියේ ජනේලයෙන් ගෙට රිංගූ තරුණයා පනස්‌ නව හැවිරිදි කතට අතවර කර පලා ගිහිං

අනුරාධපුර ඉසුරුපුර නිදහස්‌ මාවත ප්‍රදේශයේ නිවසකට 8 දා රාත්‍රියේ  ජනේලයක ග්‍රිල් ගලවා ඇතුළු වී පනස්‌ නව හැවිරිදි කාන්තාවකට පිහියක්‌ පෙන්වා මරණ තර්ජනය කොට බිය ගන්වා ලිංගික අතවර කොට පලා ගොස් තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ  නාඳුනන තරුණයකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරීක්‌ෂණ පවත්වන බව සදහන්.

එම කාන්තාව සහ ඇගේ සැමියා පමණක්‌ නිවසේ සිට
ඇති අතර ඔවුන් දෙදෙනා කාමර දෙකක වෙන් වෙන්ව නිදා සිටියදී ජනේලයක්‌ විවෘත කොට එහි ගි්‍රල් ගලවා සැකකරු නිවසට ඇතුළුවී තිබෙනවා.

පසුව නිදා සිටි වින්දිත කාන්තාව එක්‌වරම අවදි වී බලන විට තම ඇඳ අසල කිසියම් පුද්ගලයකු හිටගෙන සිටින අයුරු දැක ඇය බියවී කෑ ගැසීමට උත්සාහ කළ අවස්‌ථාවේ සැකකරු ඇගේ ගෙලට පිහියක්‌ තබා කෑ ගැසුවොත් මරණ බවට තර්ජනය කොට බිය ගන්වා පසුව ලිංගික අතවර කර තිබෙන බවත් සදහන්. සැකකරු පසුව පසුපස දොර විවෘත කොට පලාගොස්‌ තිබෙනවා. අනතුරුව සිද්ධිය පිළිබඳව වින්දිත කාන්තාව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක්‌ මත අනුරාධපුර පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව සදහන්.


gossip lanka