කටාර් ගිය අසංකගේ සිරුරෙන් ගලා ගිය රුධිරය වීඩියෝ කර නිවසට එවලා (photos)

කටාර් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික 34 හැවිරිදි දෙදරු පියෙක් මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් බිමට ඇදවැටී මිය ගොස් තිබෙනවා.

ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අසංක ප්‍රේමරත්න නැමැති අයෙක්.

ඔහුගේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙසත් මරණයට හේතුව කුමක්දැයි සොයා දෙන ලෙසත්
ඔහුගේ බිරිඳ හා ඥාතීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

තම සැමියාගේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙස අවැසි සියළු ලියකියවිලි විදෙස් සේවා නියුක්ති කාර්යංශයට ලබාදී දින ගණනාවක් ගත වුවද තවමත් ඒ සඳහා කිසිඳු පිළිතුරක් නොමැති බවයි ක්‍රිෂාන්ති ඉන්දිරා නම් ප්‍රේමරත්නගේ බිරිඳ සඳහන් කරන්නේ.

ඔහු 2016 පෙබරවාරි මස 09වැනි දින කටාර් රාජ්‍යයේ රියදුරු රැකියාවකට පිටත්ව ගොස් තිබුණා.

එදින සිට ඔහු ලංකාවේ තවත් තරුණයන් කිහිපදෙනෙකු සමග තෙමහල් ගොඩනැගිල්ලක නවාතැන්ගෙන සිටි බවයි බිරිඳ පවසන්නේ.

2018 07. 28 වන දින අසංක ප්‍රේමරත්නගේ මිතුරෙකුගේ මෙරට සිටින බිරිඳක් විසින් අසංක තට්ටු තුනක ගොඩනැගිල්ලකින් පහලට ඇද වැටී මියගිය බව දැනුම් දුන් බව ද ඇය පවසනවා.

එහෙත් අසංක සමග එකට නවාතැන්ගෙන සිටි කිසිවෙකුත් මේ වනතුරු තමන්ට කතා නොකළ බවද ඇය පෙන්වා දෙනවා.

මියගිය අසංකට වයස අවුරුදු 09ක දුවක් හා වයස අවුරුරුදු 03ක පුතෙක් සිටිනවා.

ඥාතීන් පවසන්නේ අසංකගේ මරණය ඝාතනයක් දැයි සැක කරන බවයි.

පසුගිය මාසයේ 28 වැනිදා සිට මේ දක්වා කිසිඳු තොරතුරක් අසංක පිළිබඳව නොලැබුන බවත් එරට සිටින මිතුරෙකු විසින් අසංක ඇද වැටුණු බව කියන ගොඩනැගිල්ලේ හා එම ස්ථානයේ ලේ තැවරී ඇති වීඩියෝ පටයක් පමණක් ‘ඉමෝ’ තාක්ෂණය හරහා අසංකගේ ඥාතීන්ට එවා තිබෙනවා.

gossip lanka