සංචාරක ආකර්ෂණය වැඩිකරගන්න පොලිස් කාන්තාවන් සරාගි කරපු නිසා රියදුරන්ගේ සිදු වුණු අමුතු වෙනස මෙන්න - Video & Photos

ලෝකයේ මුස්ලීම් ජාතිකයින් වැඩි පිරිසක් වෙසෙන මැදපෙරදිග රටක් වන ලෙබනනයේ එක් නගරාධිපතිවරයෙක් පසුගියදා ගනු ලැබූ තීරණයක් නිසා රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. ලෙබනන් නගරයේ නගරාධිපතිවරයා වන බ්‍රෞමනා ගෙන ඇති තීරණය වන්නේ තම නගරයේ සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා ගිම්හාන කාලයේදී එරට පොලිස් නිළධාරී කාන්තාවන්ට කොට කලිසමක් ඇන්ද වීමයි.

බ්‍රෞමනා නගරාධිපතිවරයා ගෙන ඇති මෙම තීරණය
නිසා ලෙබනනය වගේම මැදපෙරදිග කලාපයේම සියලු ප්‍රදේශවල මේ පිළිබඳව දැඩි ලෙස කතා කරන්නට පටන්ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෙබනනය මැදපෙරදිග කලාපය තුළ තිබෙන වැඩිම බහු ආගමික බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් නිසා වෙනත් මැදපෙරදිග රටවල 90% පමණ ඉක්මවූ මුස්ලිම් ජනගහනයක් හිටියත් ලෙබනනයේ සිටින්නේ මුස්ලිම් ජනගහනය 54% පමණ පිරිසකි. මේ හේතුව නිසාම කලාපය තුළ වැඩි බටහිරකරණයක් සහිත රටක් විදිහටත් ලෙබනනය හඳුන්වන්න පුළුවන්.

බ්‍රෞමනා නගරාධිපති පියෙරේ අකාර් සඳහන් කරන්නේ ලෙබනනයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙය ඉතා වැදගත් පියවරක් වනු ඇති බවයි.

“කොට කලිසම් කියන්නේ ලෙබනන සංස්කෘතියේම කොටසක්. මීට අවුරුදු හැත්තෑවකට විතර කලින් මැදපෙරදිග කලාපයේ ප්‍රසිද්ධියේම කොට කලිසම් ඇඳපු පළමු කාන්තාව හිටියේත් අපේ නගරයේ. ඉතින් කොට කලිසම් කියන්නේ අපේ කාන්තාවන්ට අමුතු දෙයක් නෙමේ". නගරාධිපතිවරයා එහෙම කියනවා.

මුල් අදියර වශයෙන් ලෙබනන තරුණියන් පිරිසක් තාවකාලිකව පොලිස් සේවයට බඳවාගනිමින් ගිම්හාන ඍතුව තුළ නගරයේ රථවාහන හැසිරවීම සඳහා ඔවුන් යොදාගෙන තිබෙනවා.

“මේක නිකම්ම නිකම් කොට කලිසමක්. හැමෝම කොට කලිසම් අඳිනවා. ඉතින් මෙයාලා කොට කලිසම් අඳින එකෙත් කිසි ප්‍රශ්නයක් නෑ”නගරයේ වෙළෙඳසැල් හිමියකු වන එලී පවසනවා.

මෙසේ පොලිස් සේවයට බඳවාගෙන තිබෙන තරුණ පොලිස් නිලධාරිනියන් සියලු දෙනාම විශ්ව විද්‍යාල සිසුවියන් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ උගත් තරුණියන් වීමත් තවත් විශේෂත්වයක්. “අපි මේ සේවයට බැඳුණෙ ගොඩක් කැමැත්තෙන්. අපි දැනටත් ආසාවෙන් රැකියාව කරගෙන යනවා. ඉදිරියේදීත් හැම ගිම්හාන ඍතුවකදීම මේ සේවය ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” එක් පොලිස් නිලධාරිනියක ද මාධ්‍ය අමතමින් මෙසේ ප්‍රකාශ කරලා තිබෙනවා.

ඇතැම් ලෙබනන් කාන්තාවන් නම් පොලිස් කාන්තාවන්ට කොට කලිසම් ඇන්දවීමේ තීරණයට ලොකු විරෝධයක් පළකරන බව පෙනෙන්න තිබෙනවා. ලිංගිකත්වය ඉස්මතු කිරීමේ පියවරක් විදිහටයි ඔවුන් මෙය හඳුන්වන්නේ. ඒත් තවත් සමහර කාන්තාවන් මේ තීරණයට පක්ෂවත් අදහස් දක්වනවා. “අපේ රටත් ලෝකේ අනිත් හැම රටක්ම වගේ තමයි. ලෝකෙ අනිත් හැම තැනම තියෙන නිදහස මෙහෙත් තියෙනවා” ඔවුන් එහෙම කියනවා.

නගරාධිපතිවරයා ගත් මෙම තීරණය නිසා පොලිස් නිලධාරිනියන්ගේ මෙම ස්වරූපය නිසා බ්‍රෞමනා නගරයේ රථවාහනවල ගමන් වේගය සැළකිය යුතු වේගයකින් අඩුවෙලා කියලත් දැනගන්නට ලැබෙනවා.


gossip lanka