ජීවිතයම ක්‍රිකට් වලට කැප කල ක්‍රීඩකයෙකු නොවූ ක්‍රීඩකයා උපන්දිනය සමරයි..! (PHOTOS)

මෙරට මෙන්ම විදෙස් රටවල් වලදීද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තරඟ වදින අවස්ථාවන්හිදී  ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගන්වමින් ක්‍රීඩකයන් සඳහා සහයෝගය ලබා දුන් පර්සි අබේසේකර මහතාගේ 82 වන ජන්ම දිනය ඊයේ (30) දිනට යෙදී තිබුණා.

1936 වසරේ ජුලි මස 31 වනදා උපත ලැබූ ඔහු 1979 වසරේ සිට ජාතික ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීමේ කටයුත්ත ආරම්භ කර තිබුණා. එදා සිට අද දක්වා වසර 39 ක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන සෑම තරගයකදීම ඔවුන්ව දිරිගන්වමින් ක්‍රීඩකයන් සමඟ කටයුතු කල ඔහුගේ
උපන් දිනය වෙනුවෙන් විශේෂ උපන්දින සාදයක් පවත්වා තිබුණා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජන රණතුංග සහභාගී වී සිටි අතර සිදත් වෙත්තමුණි, හෂාන් තිලකරත්න,බ්‍රෙන්ඩන් කුරුප්පු ,රොෂාන් මහානාම, නුවන් කුලසේකර, ඇතුළු හිටපු ක්‍රීඩකයින් සහ වත්මන් ක්‍රීඩකයන් රැසක්ද ඊට සහභාගී වීම විශේෂත්වයක්.