"වෙන් වීම අජේටත් දරා ගන්න හරි අමාරුයි, ඒත් එයා ගැන හිතලා මම හිත හදා ගත්තා.." - කාජල්

කාජල් හා අජේ දෙවගන් කියන්නේ බොලිවුඩ් සිනමාවේ බොහෝ දෙනා ආදරේ කරන චරිත දෙකක්. මේ දෙන්නගේ විවාහ  සතුටින් ගෙවුණු එකක්. ඒ ගැන බොහෝ  කරන්නෙත් සතුටින්.  දවස්වල මේ දෙන්නා හිතේ දුකින් ඉන්නවා කියලයි කාජල් විදෙස් මාධ්‍යට කියලා තියෙන්නේ. ඒකට  කියලා මෙහෙම කාජල් කියනවා.

ඒ තමයි කාජල්ගේ සහ අජේ දේව්ගන් ගේ දියණිය
නයිසා උසස් අධ්‍යාපනය සදහා සිංගප්පූරුව බලා පිටත් වීම. දියණියගෙන් වෙන් වී සිටීම පහසු නොවුණත් මේ තීරණය ගත්තේ ඇගේම හොදට බව කාජල් කියනවා.

‘‘දරුවන්ගෙන් වෙන් වෙලා ඉන්න එක දෙමව්පියන්ට පහසු දෙයක් නෙමෙයි.. ඒත් ඔවුන්ගෙම යහපත වෙනුවෙන් අපිට ඒ වගේ අසීරු තීරණත් ගන්න සිද්ද වෙනවා.. දුවගෙන් වෙන් වීම අජේට දරා ගන්න හරි අමාරුයි.. මම ඉගෙන ගත්තෙත් බෝඩින් ඉස්කෝලෙක.. ඒ ගැන හිතලා මම හිත හදා ගත්තා..’’

සිය දරුවන් මාධ්‍යයට නිරාවරණය කරන්නට කාජල් සහ අජේ කැමති නැහැ. එහෙත් ඔවුන් කොහේ ගියත් පැපරාසින්ගෙන් ගැලවී සිටින්නට පහසු නැහැ.‘‘ජනප්‍රිය වෙන එක නරක දෙයක් නෙමෙයි.. ඒත් සමහර වෙලාවට ඒක කරදරයක්.. දුව කොහේ ගියත් ඇය ළගට දුවගෙන ඇවිත් ෆොටෝ ගන්න කතා කරන අය ඉන්නවා.. ඇය ටිකක් බියසුලූ කෙනෙක් හින්දා මේ වගේ අවස්ථාවලදී අපහසුවට පත් වෙනවා.. ඇය සමග ආරක්ෂකයන් යවන්නත් සමහර වෙලාවට අපිට සිදු වෙනවා..’’ කාජල් කියන්නේ එහෙම.

දියණියගේ අනාගතය චිත්‍රපටි ක්ෂේත්‍රය තුළින්ම විසෙදනවා ඇතැයි අනාවැකි කියන්නට තමාට පුළුවන්කමක් නැති බැව් කාජල් පවසනවා. අජේ තුළවත් ඇය තුළවත් දියණිය සිනමාවට එනවාට කැමැත්තක් හෝ අකැමැත්තක් නැති බවත් ඇය කියනවා.

‘‘එයා මොකක්ද තෝරා ගන්න ක්ෂේත්‍රය කියලා එයාම තිරණය කරයි.. ජනප්‍රිය වෙන්න, සල්ලි හොයන්න සිනමාවටම එන්න ඕන නෑ..’’



gossip lanka