බිරිදගෙන් දික්කසාද වූ බොලිවුඩයේ සිහින කුමාරයා රීතික් රෝෂන් යළිත් විවාහ වීමට සුදානම්

බොලිවුඩයේ කලක් සිහින කුමාරයා වුණු රිතික් රෝෂන් පසුගිය වර්ෂයේම වඩාත් කතා බහට ලක් වුණේ බිරිඳ සූසෑන් ඛාන්ගෙන් දික්කසාද වීමත් එක්කයි. නීතයෙන් ඔවුන් දෙදෙනා දික්කසාද වුවත් ඔවුන් සිය දරුවන් වෙනුවෙන් නිතරම එකට කාලය ගත කළ බව පසුගිය කාලයේ මාධ්‍ය සදහන් කර තිබුණා. ඒ වගේම ඔවුන්ට ඉන්නේ පුතණුවන් දෙදෙනෙක්. මේ දෙන්නට ආදරණිය තාත්තා කෙනෙක් වෙන්න ඔහුට හැකියාව ලැබී තිබෙන බව ඔහු මාධ්‍යට ඊයේ කියා තිබෙනවා.

ඒ වගේම ඔහු නැවත විවාහ වෙන බවත් සදහන්
වෙනවා. ඔහුගේ විවාහයට රිතික්ගේ දෙමාපියන් නැවත අවසර ලබා දීමත් විශේෂත්වයක්.

කොහොම නමුත් ඔහු විවාහ වෙන්න යන්නේ වෙන කවුරුවත් නෙමෙයි දික්කසාද වුනු බිරිද සුසෑන්වයි. එම තීරණය ගෙන තිබෙන්නේ දරුවන් වෙනුවෙන් බවත් සදහන් වෙන්වා. ඔහු මාධ්‍යට මෙහෙම කියා තිබෙනවා.

"මම මගේ බිරිදගෙන් දික්කසාද වුණේ වෙන ආදර සම්බන්ධතාවයක් ගොඩ නගාගන්නවත් යලි විවාහ වෙන්නවත් නෙමෙයි. ඇය මගේ හොද යෙහෙලියක්. මිතුරියක්. මගේ දරුවන්ට අපි දෙන්නා හොද දෙමාපියන්. මම හිතන්නේ නැහැ යලි විවාහ වෙන්න ඕන කියලා. වෙන කෙනෙක් එක්ක. මම ඉන්නේ සතුටින්.."

පසුගියදා මුම්බායිහි ප්‍රදර්ශනය ආරම්භ කළ ටොම් කස්ගේ ‘මිෂන් ඉම්ෆොසිබල් ෆේල්අවුට්’ චිත්‍රපටය නැරඹිමටද රිතික් හා දරුවන් සමගින් සූසැන්ද එක්ව තිබෙනවා.