අමුතු කතාවක් ෆේස්බුක් දමා රටම දන්න වාදකයා අබිරහස් ලෙස මරුට! වීඩියෝව මෙන්න!

ජනප්‍රිය සංගීත කණ්ඩායමක්වන “ඕරා”හි විදුලි ඕගන වාදන ශිල්පී ගිහාන් රත්නායක මරණයට පත් වූ පුවත ඔහුට හිතැති රසික රසිකාවියන් බොහෝ දෙනෙකු කම්පනයට පත් කරවීමට සමත් වී තිබෙනවා.

බොහෝ පුවත් පළ වූයේ ඔහු සිය දිවි නසාගත් බවටයි.

එහෙත් එය ඝාතනයක් බවට සමාජ ජාල ඔස්සේ
බොහෝ දෙනා චෝදනා එල්ල කරමින් සිටිනවා.

මේ අතර මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කළා.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

32 හැවිරිදි මොහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගම්පහ – ඔරුතොට මාර්ගයේ කළුපාලම අසළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණේ පෙරේදා රාත්‍රියේයි.

පසුව අනාවරණ වූයේ මෙලෙස මියගොස් ඇත්තේ ජනප්‍රිය වාදන ශිල්පි ගිහාන් රත්නායක බවටයි.

මේ අතර ගිහාන් මියගිය පෙරේදා රාත්‍රියේ සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක් පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එදින පස්වරු 6.59 ට පමණ පළ කොට ඇති මෙහි දැක්වුණේ ගම්පහ ප්‍රදේශයේ වාහන සපයන ආයතනයක පුද්ගලයෙකු යැයි පැවසූ අයෙකුගේ කෙටි දර්ශනයක්.

එම පුද්ගලයා තමන්ගෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාගෙන තර්ජනය කරමින් සිටින බව ගිහාන් එහි සටහන් කොට තිබුණා.

ගිහාන්ගේ ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති අවසාන සටහන ද මෙය වීම විශේෂත්වයක්.

එම වීඩියෝව පහතින්..


gossip lanka