අවුරුදු පහක සිඟිති දියණිය දූෂණය කරන්න හදලා - කෝප වූ දැරියගේ මව සැකකරු කපා මරා දමයි!

සිය දියණිය දූෂණය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු මරා දැමූ මවක් පිළිබද පුවතක් වාර්තා වෙනවා. ඒ මුල්ලේරියාව ප්‍රදේශයෙන්.

ඝාතනයට ලක්‌වූ පුද්ගලයා ඝාතනයට සම්බන්ධ කාන්තාවගේ පස්‌ හැවිරිදි දියණියට ලිංගික අපයෝජනයක්‌ කිරීමට උත්සාහ දරා කිබේ. පසුව එම
දැරිය දින දෙකකට පසු මේ ගැන සිය දෙමාපියන්ට පවසා ඇත.

අනතුරුව එම දැරියගේ දෙමාපියන් මේ ගැන විමසීමට ඝාතනයට ලක්‌වූ පුද්ගලයාගේ නිවසට ගොස්‌ තිබේ. දැරියගේ දෙමාපියන් ඝාතනයට ලක්‌වූ අයගේ නිවස තුළට ගොස්‌ විමසීමේදී ඝාතනයට ලක්‌වූ පුද්ගලයා දැරියගේ දෙමාපියන් සමග වචන හුවමාරුවක්‌ ඇතිවී තිබේ. මෙහිදී කෝපයට පත් සැකකාරිය නිවස තුළ තිබූ පිහියක්‌ ගෙනැවිත් ඝාතනයට ලක්‌වූ අයගේ පිටට ඇන ඇතැයි පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය විය.

මෙහිදී බරපතළ තුවාල ලැබූ ඔහු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බව පොලිසිය කියයි. මෙලෙසින් ඝාතනයට ලක්‌වී ඇත්තේ අංගොඩ මණ්‌ඩාවිල, රුක්‌ගහවත්ත පදිංචිව සිටි කලුතන්ත්‍රිගේ නාමල් උදය පෙරේරා (40) නමැති එක්‌දරු පියෙකි.

ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 38 හා 40 යන වයස්‌වල පසුවන අඹු සැමි යුවළ (දැරියගේ දෙමාපියන්) ඝාතනයට යොදාගත් පිහිය ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.


gossip lanka