මඟුල් ගෙදරට ආ උපාධිදාරියා කැමරා ශිල්පියාගේ ඉහමොල රත් කරයි - මනාල යුවළ ඡායාරූප ඉල්ලදී කැමරා ශිල්පියා පොලිසියට යයි

හෝමාගම හබරකඩ ප‍්‍රදේශයේ  උත්සව ශාලාවක පසුගියදා පැවති විවාහ මංගල උත්සවයක් ඡායාරූප ගත කිරීමට පැමිණි කැමරා ශිල්පියාගේ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කැමරා උපකරණ සහිත බෑගය සොරකම් කර ඇති බව වාර්තා වනවා. අදාල බෑගය තුල මංගල උත්සවයේදී ගන්නා ලද ඡායාරූප ඇතුලත් මෙමරි කාඩ්පත් ද තිබී ඇති නිසා මනාල යුවළ එම ඡායාරූප පිළිබඳ විමසීමේදී කැමරා ශිල්පියා
විශාල අපහසුතාවයකට පත්ව තිබෙනවා.

පසුව මේ පිළිබඳව කැමරා ශිල්පියා විසින්  පොලිසියට පැමිණිලි කර ඇති අතර එහිදී ක්‍රියාත්මක වූ අතුරුගිරිය පොලිසියේ නිළධාරීන්   අදාල උත්සව ශාලාවෙහි ආරක්ෂිත කැමරා පද්දතිය සහ එදින ජංගම දුරකථන ඔස්සේ ලබාගත් දර්ශන මගින් සැකකරු හඳුනා ගැනීමට උත්සාහ කරන අතර අවස්ථාවේදී අදාල බෑගය සොරකම් කරන ලද පුද්ගලයා කැමරා ශිල්පියාට දුරකතන ඇමතුමක් ලබාදී කැමරා  ආම්පන්න ලබා දීමට නම් රුපියල්  ලක්ෂ දෙකක කප්පමක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

පසුව එම තොරතුරු ඔස්සේ  දුරකතන වාර්තාවක් ලබා ගනිමින්  සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නිවසේ තිබී කැමරා උපකරණ කට්ටලය සහත බෑගය සහ  අදාල මංගල උත්සවයෙහි ඡායාරූප ඇතුළත් මෙමරි කාර්ඞ් පතද සොයාගෙන තිබෙනවා.