A/L සිසුවා පාසලට ගෙනාපු ෆොන් එකේ මවගෙන් සොරාගත් බ්ලු ෆිල්ම් 300 තිබිලා

පොළොන්නරුව ප්‍රදේශයේ මධ්‍ය මහා විද්‍යාලයක උසස් පෙළ ඉගෙනුම් ලබන සිසුවකු ළඟ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක නිල් චිත්‍රපට 300ක් තිබූ බව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ කිහිප දෙනකු විසින් මෙම සිසුවාගේ දුරකථනය සිය භාරයට ගෙන
පරික්ෂා කිරීමේදී මෙම නිල් චිත්‍රපට දැකගන්නට ලැබී ඇත.

පසුව මේ සම්බන්ධයෙන් විමසීමට මවුපියන් පාසලට කැඳවූ විට සිසුවාගේ මව පාසලට පැමිණ තිබේ.

"මගේ පුතා හරිම කීකරුයි. මේ වාගේ දේවල් කරන්නේ නැහැ" යනුවෙන් මව ගුරුවරුන්ට පැවැසීමෙන් පසුව දුරකථනයේ තිබූ නිල් චිත්‍රපට දර්ශන මවට පෙන්වා ඇත.

එම දර්ශන බලනවාත් සමඟ සිහි විසඥ වූ මවට ප්‍රකෘති සිහිය ලබාදීමට බලවත් උත්සාහයක් දරා බැරි තැන ප්‍රතිකාර ලබාදීමට පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. එහිදී රෝහලේ හෙද කාර්ය මණ්ඩලය මෙම සිද්ධිය ගැන රෝහල් පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුව ප්‍රකෘති සිහිය ලබා සිටි මෙම මවගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූයේ තමන්ගේදුරකථනයෙන් තම පුතා නිල් චිත්‍රපට ලබාගෙන ඇති බවයි. රෝහල් පොලිසියේ නිලධාරීන් මෙම සිසුවා සහ මව පොලිසියේ උසස් නිලධාරියකු වෙත ඉදිරිපත් කොට දැඩි ලෙස අවවාද කොට නිදහස් කර යවා තිබේ. නිල් චිත්‍රපට ඇතුළත් මෙමරි කාඩ්පත පොලිස් භාරයට ගෙන ඇත.



gossip lanka