පුද්ගලයෙක් විහාරමහාදේවියේ පෙම් රැඟුම් බලමින් කළ නොමනා වැඩේ පොලිසියට කොටුවූ හැටි

කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ ජංගම දුරකතන හා විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක වීදුරුවකට ගලකින් පහරදී බිඳ එහි තිබූ රුපියල් 6,50,000ක් පමණ වටිනා නවීන ජංගම දුරකතන පහක් සොරාගත් පුද්ගලයෙකු පුරහල විහාරමහාදේවී උද්‍යානය තුළදී පසුගියදා (22) කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු සතුව ජංගම දුරකථන 5 ක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති “බැලින්ටන්“
නමින් හඳුන්වන පුද්ගලයා විහාරමහාදේවී උද්‍යානයේ විශාල ගස්මත නැග පෙම්වතුන්ගේ හැසිරීම් දෙස බලා සිටින අයෙක් බව පොලිසිය පවසනවා.

සැකකරු ඉකුත් 19 වන දින අලුයම 1.00 ට පමණ විශාල ගලකින් පහරදී ප්‍රදර්ශනාගාරයේ වීදුරුව බිඳ ජංගම දුරකථන සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී දින කිහිපයකට පෙර සැකකරු ඒ අසළ සැකකටයුතු අන්දමින් ගැවසෙන අයුරු දක්නට ලැබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි.

සැකකරු විහාරමහාදේවී උද්‍යානයේ විශාල ගස්මත නැග පෙම්වතුන්ගේ හැසිරීම් නරඹන අවස්ථාවලදී ආරක්ෂක අංශවලට හසුවූ විට අපස්මාරය වැළඳුණු රෝගියෙක් ලෙස ඔහු ව්‍යාජ රංගනයක නියැලෙන බව පොලිසිය පවසනවා.

සැකකරු මීට ඉහතදී ද කොල්ලුපිටියේ මෙවැනි ප්‍රදර්ශනාගාරයක් බිඳ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන  සිදුකරනවා.