තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහා සංකීර්ණයේ සිරවී සිටි දරුවන් බේරාගැනීමේ මෙහෙයුම සිතුවමකට

තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහා සංකීර්ණයේ සිරවී සිටි දරුවන් බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමවූ අතර එම දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු ඇතුළුව එම දැවැන්ත මෙහෙයුම හා ඊට සම්බන්ධ වූ විරුවන් ඇතුළත් විශාල සිතුවමක් තායිලන්තයේ කලාකරුවන් 300කට වැඩි පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වෙමින් පවතිනවා

මෙම සිතුවම මීටර් 13ක් දිග මීටර් 3ක් උස දැවැන්ත සිතුවමක් බවත් දරුවන් මුදාගැනීම් මෙහෙයුම මෙලෙස සිතුවම් කරන අතර සිතුවමේ විශාලතම
රූපය ලෙස අදාළ මෙහෙයුමේදී දිවි අහිමි වූ සමන් ගුනාන් නමැති හිටපු නාවික සෙබලාගේ රුව සිතුවම් ගත කර තිබීම විශේෂත්වයක්.

මේ අතර මීටර් දෙකක් පමණ උසින් යුතු සමන් ගුනාන්ගේ විශාල ප්‍රතිමාවක්ද ඉදිවෙමින් පවතිනවා