gossip lanka

කෝටි 5 ක කොකේන් ගෙනා චෙක්‌ ගුරුවරියට දිවි ඇති තෙක්‌ ලැබුණු දේ

කොලොම්බියාවේ සිට ගුවන් මගින් ශ්‍රී ලංකාව හරහා තායිලන්තයට රුපියල් කෝටි 5 ක්‌ වටිනා කොකේන් කිලෝ 5 ග්‍රෑම් 518 ක්‌ සංක්‍රාමික ගුවන් මගියකු ලෙස රැගෙන යැමට තැත්කර අධිකරණය හමුවේ වරද පිළිගත් චෙක්‌ ජනරජයේ චෙක්‌ ජාතික පාසල් ගුරුවරියකට බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් ඊයේ (12
වැනිදා) නියම කළේය.

 ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා මගින් වරද පිළිගත් චෙක්‌ ජාතික විත්තිකාරිය වූයේ කිලිමොටෝවා මාර්කිටීන් (42) නමැත්තියයි. ඇය කොකේන් රැගෙන ශ්‍රී ලංකාව හරහා තායිලන්තයට යැමට 2015 අගෝස්‌තු මස 14 වැනි දින කටුනායක ගුවන් තොටුපළේ රැඳී සිටියදී ලද ඔත්තුවක්‌ අනුව අත්අඩංගුවට ගෙන ඇත. ඇය භාරයේ තිබූ ළමා කතන්දර පොත් විශාල ප්‍රමාණයක පිට කවර තුළ සඟවා තිබූ කොකේන් තොගය ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා පෙනී සිටියේය. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පො. කො. (70321) ආර්. ආර්. එම්. සිල්වා මහතා පැමිණිල්ලට සහාය විය.


gossip lanka