රෝයි ද සිල්වාගේ මරණය පිටුපස සැඟවුනු කතාවක් එළියට..! (video)

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා පසුගියදා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුනා.

ඒ අනුව රෝයි ද සිල්වාගේ මරණය සම්බන්ධයෙන් පෙරේදා (17) පුද්ගලික මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් තුලදීද කතා බහට ලක්වුනා. එහිදී අදාළ මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවෙකු ප්‍රකාශ කලේ රෝයි ද සිල්වාගේ මරණයට පත්වුනේ එම ආයතනයේ තැන්පත් කරන ලද මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීම නිසා, ඒ පිළිබඳව නිරන්තරයෙන්ම සිතීම නිසා බවයි.

මේ අතර අදාල මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන්ගේ ගැටළු සොයා බලමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව  නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ප්‍රකාශ කලා. ඒ පෙරේදා (17) එම මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් හමුවූ අවස්ථාවේදී.
gossip lanka