gossip lanka

"ක්‍රීඩා අමාත්‍යංශයෙන් සතයක් දුන්නේ නෑ" බාධක දහසක් මැද ලංකාවේ නෙට්බෝල් කෙල්ලෝ සුපිරි වික්‍රමයක් කර මවුබිමේ නම තබයි!

ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම, ලොව ඉදිරියෙන්ම සිටිනා නෙට්බෝල් කණ්ඩායමකට ප්‍රබල තරගයක් ලබා දී ලොව ප්‍රමුඛතම නෙට්බෝල් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේ නමද සටහන් කිරීමට සමත්ව තිබේ.

ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව ඉලක්‌ක කර ගනිමින් මලාවි සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායම ප්‍රබල මලාවි පිල හමුවේ පැවැති තරගය කරට කර සටනකින් පසුව විසදුමකින් තොරව නිමාකර ගැනීමට සමත් විය.


ලබන සැප්තැම්බර් මස සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාව ඉලක්‌කකර ගනිමින් මලාවි කණ්‌ඩායම සමග පෙරහුරු තරගයකට මෙලෙසින් ශ්‍රී ලංකා පිල සහභාගී විය.

මෙම සංචාරය සදහා ක්‍රීඩා අමාත්‍යංශය කිසිදු මුදල් ප්‍රතිපාදනයක් ලබා නොදීම විශේෂත්වයකි. එම මුදල් ප්‍රතිපාදන නොමැතිව හෝ ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම සංචාරයට සහභාගී කරවීමට දැල්පන්දු සම්මේලනය කටයුතු කර තිබුනි.

මේ තරගයේ විශේෂත්වය වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්‌ථානයේ සිටින මලාවි කණ්‌ඩායමට එරෙහිව අදාළ ශ්‍රේණිගත කිරීම්වල 26 වැනි ස්‌ථානයේ සිටින ශ්‍රී ලංකාව තරගය ජය පරාජයකින් තොරව අවසන්කර ගැනීමට හැකි වීමයි.

දෙපිළම අදාළ තරගයේදී 56-56 වශයෙන් සම සමව අවසන් වෙද්දී පළමු කාර්තුවල අවසන් ලකුණු තත්ත්වය 17-14, 11-11, 17-16 සහ 11-15 ක්‌ වශයෙනි.
gossip lanka