සම­ල්කාගේ චරි­තය ජය­ග්‍ර­හ­ණ­යට බල­පෑවා

දෙරණ නාළිකාවෙන් විකාශය කෙරෙන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සමල්කා මෙරට පුංචි තිරයට පෙම්බඳින ඕනෑම කෙනෙක් හඳුනනවා. ඇය තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ශනුද්‍රි රංගනයට මෙන්ම ගායනය, නර්තනය යන කලාවන් තුනටම දක්ෂ බව පසුගියදා මුළු රටටම පෙන්වූවා. ඒ 'derana fair and lovely star city twenty 20' ජයග්‍රාහිකාව වීමෙන්. ප්‍රියසාද් පවුලේ බඩ පිස්සී ලෙසින් හඳුන්වන මේ රුවැත්තිය මෙවර  ඔබ හමුවට එනවා.



ශනුද්‍රි මේ දවස්වල සතුටින් වගේ.

ඔව්..ඔව් ගොඩක් සතුටෙන්. මමත්, අක්කා දිනක්ෂිත් මාස හයක් පුරා තරග වැදුණු derana fair and lovely star city twenty 20 තරගයේ ජයග්‍රාහී කපල්එක වුණා. කපල්ස් විස්සක් සමග තරගකරලයි අපි ජයග්‍රහණය කළේ. ඒ ගැන ලොකු සතුටකින් ඉන්නේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර..

ප්‍රතිචාර හොඳයි. වැඩසටහන පටන්ගත්ත මුල් දවසේ සිට අවසන්වන තුරු අපිත් සමග ප්‍රේක්ෂකයන් කොටසක් සිටියා. ඒ අයගෙන් තරගය ජයග්‍රහණය කරගන්නට හොඳ සහායක් ලැබුණා. මේ වන තුරුත් මටත්, අක්කාටත් ප්‍රතිචාර ලැබෙනවා.

එදා රාත්‍රියේ මොනවගේ හැඟීමක්ද දැනුණේ...

අවසන් වටයට අපි දෙන්නා විතරයි නර්ථනයෙන් තරග වැදුණේ. අපි හොඳ විශ්වාසයකින් තරග වැදුණු නිසා බයක් දැනුෙණ් නැහැ.

ශනුද්‍රිගෙන් බේරෙන්න බැරිකමටලු නේද අක්කා මේ තරගයට සම්බන්ධ වුණේ..

අනේ ඔව්. මේ අපි දෙදෙනාම සහභාගි වූ පළමු රියැලිටි ෂෝ එක. මගේ වදෙන් බේරෙන්න බැරි කමටමයි අක්කා සම්බන්ධ වුණේ. එයා මගේ පාට්නර් වු එක මට ලොකු හයියක් වුණා. ප්‍රැක්ටිස් වලටත් ඒක පහසුවක් වුණා. අපි කොහොමත් තරගයට සහභාගිවුණේ රංගන ශිල්පිනියන් ලෙසින්. ඒකත් තරගය ජයග්‍රහණය කිරීමට හේතුවක් වුණා.

ඉස්සරහට ශනුද්‍රි රංගනය අමතක කර නර්ථනය තෝරා ගනියිද?

අපෝ නැහැ. රංගන ශිල්පිනියන් ලෙස තමයි අපි දෙදෙනාම දිගටම රැඳෙන්නේ. රංගනයයි, නර්ථනයි දෙකම කළ හැකි නිර්මාණයක් ලැබුණොත් සතුටින් භාරගන්නවා.

කවුද මේ ජයග්‍රහණය පිටුපස සිටියේ..

පළමුව මගේ අම්මට සහ තාත්තාට ස්තූති කළ යුතුයි.මගේ අම්මා අපි රිහසල් කරන සෑම දිනකම අපි සියලුම දෙනාට කෑම හදා දෙමින් ලොකු කැපකිරීමක් කළා. ඒ වගේම අනෙක් තරග කරුවන් , පුහුණුකරු ගයාන් ශ්‍රීමාල් අයියා, කොස්ටියුම් සැපයූ හිරාන් විජේසේකර, මේකප් ආර්ටිස් සුභාෂ් අබේවික්‍රම ඇතුළු දෙරණ කාර්ය මණ්ඩලයටත් ස්තූතියි.

ශනුද්‍රිට දැන් සමල්කා අමතක වෙලාද..?

අපෝ නැහැ. දෙවෙනි ඉනිමෙ සමල්කාගේ චරිතය මේ ජයග්‍රහණයට බෙහෙවින් බලපෑවා. කතාව දීර්ඝ නිසා තාමත් රූගත කිරීම් කරගෙන යනවා. මාව ජනතාව හඳුනගත්තෙ සමල්කා චරිතයෙන්. ඒ නිසා දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් සහ තිළිණ අයියටත්, දෙරණ සභාපතිතුමාටත් ස්තූතියි.

කලාවේ කවුරු වගේ වෙන්නද කැමැති..

මම මගේ ලොකු අක්කා දිනක්ෂි ෆලෝ කරනවා. ඇය තමයි මගේ හැම දේටම උදවු කරන්නේ. ඇයගේ හැකියාවන්ට මම කැමැතියි. අධ්‍යාපන වැඩටත් මට උදවුකරන්නේ අක්කා. ඒ වගේම අම්මට, තාත්තට මෙන්ම අපේ පවුලට සිටින ලොකුම හයිය ඇයයි.

පෙම්වතා කැමැතියිද ශනුද්‍රි කලාවේ රැඳෙනවට..

තාම එහෙම කෙනෙක් නැති නිසා ඒ වගේ ප්‍රශ්න නැහැ. මම දවසක බැන්දොත් බඳින්නෙ මගේ නිදහසට ඉඩදෙන කෙනෙක්ව. එහෙම නැත්නම් නොබැඳ ඉන්නවා.

මොනවද අනාගත බලාපොරොත්තු..

ලොකු බලාපාරොත්තු නැහැ. රංගනය කරන ගමන්ම ව්‍යාපාර අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. රංගනයට අහම්බෙන් ඇවිත් දැන් ආසාවෙන් රංගනයේ නිරත වෙනවා.

gossip lanka