සෞදි කතුන්ට ප්‍රථම වරට තවත් නිදහසක්..! අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කාන්තාවන් සිය ගණනකගෙන් අයදුම්පත් !

සෞදි අරාබිය තුළ මෑත කාලීනව සිදුවෙන නව ප්‍රතිසංස්කරණ යටතේ කාන්තාවන්ට ලැබෙන නිදහස පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. පසුගිය කාල සීමාව තුල කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නිදහස හිමි වීම ඇතුලු කාන්තාවන් වෙනුවෙන් බොහෝ අයිතිවාසිකම් ලබා දෙන්නට ඔටුන්න හිමි සෞදි කුමරු මාහොමද් බින් සල්මාන්ගේ උපදෙස් අනුව කටයුතු කෙරුනා.

ඒ අනුව සෞදි කාන්තාවන් සඳහා ප්‍රථම වරට ගුවන්
නියමුවරියන් වීමේ නිදහසද එරට රජය විසින් හිමිකර දී තිබෙනවා.ගුවන් යානා පැදවීම සඳහා ලැබුණු මෙම අවසරයත් සමඟ එම පුහුණුව ලබා ගැනීම සඳහා සෞදි කාන්තාවන් බ්‍රිරිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ගුවන් නියමු පුහුණු ඇකඩමියට අයදුම්පත් රැසක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මේ හේතුවෙන් ඔක්ස්ෆර්ඞ් ගුවන් නියමු පුහුණු ඇකඩමියේ ශාඛාවක් ඉදිරියේ දී සෞදියේ දම්මාන් නුවරදී ආරම්භ කිරීමට නියමිතව ඇති අතර  සෞදි කාන්තාවන් එම ශාඛාවෙන් අදාළ පුහුණුව ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

එරට ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි මාහොමද් බින් සල්මාන් පවසන්නේ.


gossip lanka