gossip lanka

"ඒත් එහෙම වුණා නම්, මේ තරම් සතුටින් සිටින ජීවිතයක් ලැබෙන එකක් නැහැ.." - රුවන් වික්‍රමසිංහ

රුවන් වික්‍රමසිංහ  පුංචි තිරයෙන් දකින්නේ ඉදහිටලා. නමුත් ඔහුට රසිකයින්ගෙන් හොද ප්‍රතිචාර ලැබෙනවා ඔහුගේ රංගන දක්ෂතාවයට. ඔහු තවත් විටෙක ගුරුවරයෙක්. විවාහ ජිවිතේ එක්ක සතුටින් ජිවත් වෙන රුවන් ඔහු තොරතුරු මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා.

ඔබ දකින්නට නැහැ. කාලයකට පසුව නේද චරිතයකට එක්ව සිටින්නේ?

ඔව්. එහෙම වුණාට ආරාධනා නම්, දිගටම ලැබෙනවා. නමුත් ඒ විදිහට ආරාධනා ලැබුණත් ඒවාට වෙලාව දෙන්න තරම් සුදුසුද කියන ගැටලූව මට තියෙනවා. අපට වෙනදාටත් වඩා ගුණාත්මක මට්ටමේ නිර්මාණ අවැසි සමයක්. ඉතින් ඒ ගැන හිතලා තමයි චරිතයකට දායක වෙන්න කැමති.

රුවන් අද දවසේ ඔබ නියැලී සිටින්නේ මොන වගේ රාජකාරිවලද?
රඟපෑමට ආ කාලයේ ඉඳලාම මම ටියුෂන් කටයුතු කරගෙන ගියා. උසස් පෙළ කරන කාලයේ ඉඳලාම ඉංග්‍රීසි විෂය උගන්වන ටියුෂන් ගුරුවරයකු ලෙස කටයුතු කරනවා. අද ඒවාට තමයි වැඩිපුර කාලය වැය වෙන්නේ.

නමුත් එදා ඔබ වෛද්‍යවරයකු වීමට නේද සිහින මැව්වේ?
අවුරුදු 19 දී විතර ඒ වගේ සිහිනයක් තිබුණා. ඒත් එදා මට සරසවි පිවිසුමට ලකුණු 6ක් මදි වුණා. නමුත් පසුව මම විද්‍යා උපාධිය සම්පූර්ණ කළා. මේ විදියට කාලයක් යද්දී මම වෛද්‍යවරයකුවී මම නෙවෙයි, සාර්ථක ඉලක්කය කියලා තේරුම් ගත්තා. වෛද්‍ය වෘත්තියට මම සැමදා ගරු කරනවා. නමුත් දැන් මම උපයා ගත්ත ජීවිතයට මම ආදරෙයි. ඒ ජීවිතය ගත කරන්නේ හරි සතුටින්.

අද බොහෝ දෙනා අමතන්නේ ‘ටියුෂන් සර්’ කියලද?
එහෙමත් කියනවා. ඒ වගේම දහම් පාසල් සර් කියලත් කියනවා.

දහම් පාසල එදා ඉඳලාම ඔබගෙ ජීවිතයට සමීපව තිබුණාද?
සත්තකින්ම ඔව්. වසර 26ක සිට කිසිම ඉරිදාවක් දහම් පාසලට හැර වෙන දේකට වෙන් කරලා නැහැ. රූගත කිරීම් කරන කාලයේදී කෙතරම් කාර්ය බහුල වුණත්, ඉරිදා දවස මම වෙන් කළේ දහම් පාසලටයි. කාලයක් මට මතකයි, රූගත කිරීම් සඳහා ඕස්ට්‍රේලියාවට ගිහින් සිටියා. එහිදී එහි සිටින ශ්‍රී ලාංකිීය දරුවන්ටත් ඉරිදා දහම් පාසල වෙනුවෙන් මම දායක වුණා. දහම් පාසල වෙනුවෙන් මගේ ජීවිතයේ දවසක් වෙන්වී තියෙනවාම තමයි.

ටියුෂන් අද ඔබගෙ ප්‍රධාන වෘත්තියද?
වෘත්තිය කීමට වඩා ප්‍රධාන ආදායම් මාර්ගය එය බව සඳහන් කරන්න පුළුවනි.

එතකොට මේ නළු සර්ට, උගන්වද්දී ප්‍රේක්ෂකයින්ගෙන් අපහසුතා ඇති වෙලා නැද්ද?
තියනවා. ඒත් පොඩි ළමයින් නම් තේරුම් ගන්නවා. ළමයි සහ වැඩිහිටි අයට පංති කරද්දීත්, ගුරුවරයා කියන ප්‍රතිරූපය පාවාදී නැහැ. එය ශ්‍රේෂ්ඨ වෘත්තියක්. කවුරු ඉදිරියේ මම ටියුෂන් කළත්. ගුරුවරයකු පමණයි.

රුවන් කොහොමද විවාහ ජීවිතය?
හරිම රසවත්, සමහර විට මගේ යාළුවෝ අහන්නෙ ඇයි ඔයා විවාහයට ප්‍රමාද වුණේ. මීට කලින් විවාහ වුණා නම්, හොඳයි කියලයි. ඒත් එහෙම වුණා නම්, මේ තරම් සතුටින් සිටින ජීවිතයක් ලැබෙන එකක් නැහැ. බුද්ධිමත්ව සැහැල්ලූවෙන් ගත කරන ජීවිතයක් අද ලැබී තිබෙන්නෙ. මගේ බිරිඳ වාසනා. ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම තැනක සිටින රාජ්‍ය නිලධාරිනියක්. ආරම්භයේදී ඇය ජාත්‍යන්තර පාසලක ඉගැන්නුවා. ඇයගේ අම්මා  තාත්තා දෙන්නම විදුහල්පතිවරු. වාසනා සහ මම දෙන්නම කොළඹ සරසවියේ උපාධිධාරීන්.

වාසනා ගැන ඔබට හැෙඟන්නෙ කොහොමද?
වාසනා බුද්ධිමත්. සම්ප්‍රදායික දෙයක් දිහා බලා එක්වර නිගමනයකට එන කෙනෙක් නෙමෙයි. ගවේෂණාත්මකව සියල්ල දිහා බලන්න පුළුවන් කෙනෙක්. සාමාන්‍ය ගැහැණියකට වඩා මට ඇයව දැනෙනවා.

දෙන්නගෙ කැදැල්ලට තවම සිඟිත්තෙක් ඇවිල්ලා නැද්ද?
එක් පැටියෙක් නෙමෙයි, තුන් දෙනෙක් වුණත් බාර ගන්න අපි සූදානමින් සිටින්නේ. දරුවෝ තරම් සම්පතක් තවත් තියෙනවද?

ඉදිරි රඟපෑම් ගැනත් කිව්වොත්?
රඟපෑමේ පිපාසය එහෙමම තියෙනවා. මම විශ්වාස කරන විදියට තවම මගෙ පෙනුමත් ඊට හොඳයි. හොඳ නිෂ්පාදනයක් ආවොත් බාර ගන්නවා. නිර්මාණයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. රඟපෑමට ලැබෙන ආරාධනාවල නම් අඩුවක් ඇත්තටම නැහැ. මිනිස්සු කැමතියි මගේ රඟපෑම දකින්න. ඒක එයාලගෙන් ලැබනෙ ප්‍රතිචාරවලින් මට දැබෙන දෙයක්. ඒ වගේම මිනිස්සු හොඳ දේ රස විඳින්න කැමතියි. ඒත් ගුණයක් ඇති දේට හැර, වෙනත් දේකට දායක වීමේ ආසාවක් මට නැහැ.

 සඳුන් ගමගේ

gossip lanka