වෙඩින් එකට යමු කියලා Room එකක රැය පහන් කළ තරුණියන් තිදෙනාගේ අමුතු සෙල්ලම

කාන්තාවන් දෙදෙනකු ලැඟුම්හලක් වෙත කැදවාගෙන ගොස් ඔවුන්ගේ ආහාර වලට මත්පෙති දමා ඔවුන් සන්තකයේ තිබූ මුදල් සහ රන් ආභරණ පැහැරගත් කාන්තාවක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අදාල කාන්තාවන් දෙදෙනා මොණරාගල ප්‍රදේශයේ ලැඟුම්හලක් වෙත කැදවාගෙන ගොස් ඔවුන්ගේ මුදල් සහ ආභරණ මෙලෙස කොල්ල කා ඇති බව සඳහන්.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන්
දෙදෙනාට සැකකාර කාන්තාව විසින් විවාහ මංගල උත්සවයක් සදහා ආරාධනා කර තිබෙනවා.

මංගල උත්සවයට සහභාගී වීමට ඔවුන් මොණරාගල නගරයට පැමිනෙණ විට රාත්‍රි අට පමණ වී ඇති අතර ඒ හේතුවෙන් ලැඟුම්හලක නැවතී පසු දින විවාහ මංගල උත්සවය සදහා සහභාගි වීමට සැකකාර කාන්තාව අනෙක් කාන්තාවන් දෙදෙනා එකඟ කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව රාත්‍රි ආහාරයට මත්පෙති දමා අදාල කාන්තාවන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලලා සැකකාර කාන්තාව එදින රාත්‍රියේම ලැගුම්හලෙන් පලා ගොස් තිබෙනවා.

පසුව මොණරාගල පොලිසිය විසින් පොතුවිල් ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයෙක් සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව ඊයේ (17) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාවන් තිදෙනාම ඉතා සමීපතම මිතුරියන් බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය තිබෙනවා.

gossip lanka