ඩුබායි සමාගමකින් කෝටි 320ක දියමන්තියක් සොරකම් කළ ලාංකිකයා මාට්ටු. - (video)

ඩුබායි සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ( රුපියල් කෝටි 320 ) අධික වටිනාකමකින් යුත් දියමන්තියක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාගමේ ආරක්ෂිත ගේට්ටු 3ක් බිඳ දමමින් සැකකරු මෙම දියමන්තිය සොරකම් කිරීමට සමත්ව ඇති අතර සිද්ධිය වී ඇත්තේ පසුගිය මැයි මස 25දාය.

පසුව සොරකම් කරන ලද දියමන්තිය සපත්තු
පෙට්ටියක බහා ලංකාවට එවීමට සැකකරු කටයුතු කර ඇත.දියමන්තිය සොරකම් කළ පසුව සැකකරු එය රටින් පිටකිරීම සඳහා ඔහුගේ ඥාතියෙකුට දී තිබුණි

කෙසේ වෙතත් මෙම මහා පරිමාණ සොරකම අණාවරණය කරගනු ලැබුවේ පැය 8620ක් පමණ සිසිටීවි දර්ශණ පරීක්ෂා කිරීමෙන් හා පුද්ගලයන් 120ට වැඩි පිරිසකගෙන් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව බව එරට පොලීසිය කියයි.

එමෙන්ම මෙම සොරකම සඳහා සැකකරු දින 14ක පමණ කාලයක් සැළසුම් කර තිබෙන බව ප්‍රශ්ණ කිරීම් වලදී ආණවරය වී ඇති බව එරට පොලීසිය සඳහන් කරයි.සොරකමෙන් අනතුරුව ලංකාවට පැමිණිමේ බලාපෙරාත්තුවෙන් සැකකරු සැඟව සිට තිබේ.

මේ පිළිබඳ කරුණු කාරණා අණාවරනය කර ගැනීඹට එරට පොලිස් විමර්ශකයන් විසින් කෘතිම බුද්ධිය හා අනෙකුත් උසස් තාක්ෂණ මෙවලම්ද භාවිත කොට තිබෙවන බව වාර්තාවෙයි

වීඩියෝව පහතින් නරඹන්න.