gossip lanka

ගණිකාවක් කියා ‘‘බට්ටී‘‘ ට පහරදුන් පොලිස් නිළධාරියාට ලැබුණු දඩුවම - (video)

රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියකුගේ පහරකෑමට ලක්වූ  බට්ටි නමැති කාන්තාව පිළිබඳව රටේම අවධානය දිනාගත්තා. 2014 වසරේදී රත්නපුර බස් නැවතුම්පළ අසලදී පොලිස් නිළධාරියෙකු විසින් ඇයට පහර දෙන ආකාරය එම ස්ථානයේ සිටි අයෙකු රහසිගතව පටිගත කර සමාජජාලා වෙත යොමුකිරීමත් සමඟ එම කතාබහ ඇතිවුනා.

ඒ අනුව ඇයට සිදුවූ අසාධාරණය වෙනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න විසින්  පවරන ලද මානව හිමිකම්
නඩුව ඊයේ අවසන් වුනා. ඒ ඇයගේ මානව අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දු කරමින් ඇයට රුපියල් 50,000/- ක වන්දි මුදලක් ගෙවන ලෙස පොලිස් නිලධාරියාට නියෝග කරමින්.

2014 වසරේ සැප්තැම්බර් 6 වැනිදා සවස 3.00ට පමණ බට්ටී නමැති මෙම කාන්තාව රත්නපුර නගරයේ සිටියදී පොලිස් නිලධාරියා කිසිදු හේතුවකින් තොරව ඇයට පහරදුන් බවට පොලිසීයට කරුණු ඉදිරිපත් කර තිබූ අතර පොලිසිය විසින් එම පැමිණිල්ල පවා සටහන් කර නොගත් බවයි ඇය සඳහන් කර තිබුනේ.

ඒ අනුව රත්නපුර පොලිසියේ ස්ථාන භාර නිලධාරියාද ඇයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබුණු අතර මෙම කාන්තාවගේ මවද පසුව පාදඩ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

තමන්ට ඇති ආර්ථික අපහසුතා නිසා තමන් ගණිකා වෘත්තියේ යෙදෙන බවත්, තමන් එය කැමැත්තෙන් නොකරන බවත් ඇය සඳහන් කර තිබුණා.

මෙම සියළු කරණු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේදී  අනාවරණය කරමින් ඇයට සිදුවූ අසාධාරණය වෙනුවෙන් රුපියල් 50,000 ක් වන්දි මුදලක් ලබා දීමටයි නියෝග කෙරුනේ.

සිදුවීමට අදාලව  සමාජජාලා වෙබ් අඩවිතුල හුවමාරු වූ වීඩියෝව පහතින්.

gossip lanka