gossip lanka

උසස් පෙළ දැරිය දූෂණය කළ ගුරුවරුන් දෙදෙනා වීඩියෝවක් ෆේස්බුක් දාලා

පාසලක උසස් පෙළ හදාරන දැරියක් දූෂණයට ලක් කර ඇයව තවත් පුද්ගලයකුට ලිංගික කාර්යන් සඳහා ලබාදුන් පාසල් ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල ප්‍රදේශයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරයෙකු සහ තාක්ෂණ වේදය උගන්වන්න
ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිහාසය විෂය උගන්වන  ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන දූෂණය කර තිබෙන බවත් පසුව එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරෙකු වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව එම ටියුෂන් ගුරුවරයා මෙම දැරිය මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය සමග ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගත කරගෙන ෆේස්බුක් වෙත නිදහස් කර තිබෙන බව අනාවරණය වී තිබුණා.

සැකකාර ගුරුවරුන් දෙපළ මීට අමතරව තවත් දැරියන් රැසක් අපයෝජනයට ලක් කර තිබෙන බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි මොණරාගල පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදු කරනවා.


gossip lanka