ටොෆි ලොසින්ජර් දී 6 හැවිරිදි දැරිය රවටාගෙන ලිංගික අපයෝජනය කළ නරුමයාට වුණු දේ

වළහන්දුව වත්තේ පදිංචි හය හැවිරිදි දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌ කළ විසි දෙහැවිරිදි තරුණයකු අක්‌මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ද එම ප්‍රදේශයේ අයෙක් බවයි.

ඔහු කොළඹ නගරයේ මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිතව රැකියාවක්‌ කරන අයෙ ක් බවත් සදහන්. මාසයකට වරක්‌ මොහු ගමට පැමිණෙන අතර එහිදී මෙම දැරිය අපයෝජනය කොට ඇති බැව් පොලිසිය පවසනවා.
මෙම දැරියගේ මව දලු කැඩීමට යන අතර පියා ඇය හැරගොස්‌ ඇති බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

දැරියට ටොෆි ලොසින්ජර් ආදිය ලබා දී ඇය රවටාගෙන අපයෝජනයට ලක්‌කොට ඇති බවද පොලිසිය සදහන් කරන අතර  දැරිය අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කර තිබෙනවා. අක්‌මීමන පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් සදහන්.

gossip lanka