මිත්තණිය ගෙදර නැතිවෙලේ අවුරුදු 15 දැරිය සමඟ යහන්ගත වූ 19 පෙම්වතා දැරියට කළ කැත වැඩේ

වයස අවුරුදු 15 යි මාස 07 ක දැරිවියක්ව විටින් විට දුෂණය කළ බව කියන ලාබාල තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ මනක්කුලම - වාලහේන ප්‍රදේශයේ පදිංචි  19 හැවිරිදි ලාබාල තරුණයෙක්.

අතවරයට පත්ව ඇති දැරිවිය ඇයගේ මිත්තණිය බාරයේ සිට ඇති අතර මව සහ පියා වෙන් වී වෙනත් විවාහයන් කරගෙන තිබීම ඊට හේතුව ව බවයි
පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

දූෂණය ලක්වූ දැරිවිය සහ සැකකරු අතර කලක පටන් ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර මිත්තණිය නිවසේ නොමැති අවස්ථා වලදී සැකකරු නිවසට පැමිණ තිබෙනවා.

පසුව මේ බව දැනගත් මිත්තණිය දැරියගෙන් කරුණු විමසීමේදී අතවරයේ තොරතුරු හෙලිවීම නිසා මිත්තණිය දැරිවියද සමග මාදම්පේ පොලිසිය වෙත ගොස් මේ සම්බන්ධයෙන්  පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය විසින් අදාළ දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා ඇත්තේ මාස 06 ක පමණ කාලයක් සැකකරු සහ තමන් අඹු - සැමි ලෙස ඇසුරක් පැවැත්වූ බවයි.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතව බවයි මාදම්පේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ.


gossip lanka