"එයා දුවෙක් බලාපොරොත්තුවෙන් හිටියේ. එයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුණා.." - ඕෂධී හේවාමද්දුම - Photos

ඕෂධී හේවාමද්දුම කියන්නේ පුංචි තිරයෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්. විවිධ චරිත එක්ක පුංචි තිරයේ දකින්න ලැබෙන ඕෂධී නැවත වරක් මවක් වුණා ඒ ගැන ඕෂධී මේ විදිහට කතා කර තිබෙනවා. ඒ පුවත්පතකට. මේ ඒ තොරතුරු ගැනයි.

ඕෂධී ආයෙමත් අම්මා කෙනෙක් වුනා නේද..?
ඔව් පසුගිය 19 වැනිදා මට දුවෙක් ලැබුනේ. මම දැන් දෙදරු මවක්.

දෙවැනි වතාවටත් පුතෙක් නේද බලාපොරොත්තු වුණේ..? 

ඔව්. මොන හේතුවකටද මන්දා මගේ හිතේ පුතෙකුට කැමැත්ත තිබුණේ.

පුතෙක් බලාපොරොත්තුවෙන් ඉදලා දුවෙක් ලැබුනම මොකද හිතුණේ..? 
පුතෙකුට කැමැත්තෙන් හිටියා තමයි. මගේ දු පටික්කිගේ මුහුණ දැක්කම දුවෙක් ලැබුණු එක හොදයි කියලා හිතෙනවා.

සැමියා ප්‍රදීප් මොකද හිතන්නේ..? 
කියලා නිමකරන්න බැරි සතුටකින් එයා ඉන්නේ. මොකද එයා දුවෙක් බලාපොරෝත්තුවෙන් හිටියේ. එයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුණා.

සෙල්ලම් කරන්න මල්ලියෙක් ඕන කිව්ව ඕෂධීගේ ලොකු පුතා නංගිව දැකලා මොකද කිව්වේ..? 
මාස දෙක තුනකට කලින් මට දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තා. ඒ නිසා අපි පුතාට කිව්වා අම්මි නංගි කෙනෙක් ගේන්නේ මල්ලිට වඩා නංගි හොදට සෙල්ලම් කරයි කියලා. දැන් හරිම ආසාවෙන් ලගට වෙලා ඉන්නවා.


gossip lanka