හොඳ, නරක දෙගොල්ලෝම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා

රංගනයට දැඩි ඇල්මක් දක්වන නිලුෂා නිශානි වික්‍රමආරච්චි වර්තමානය වන විට නිරූපිකාවක් ලෙසද කටයුතු කරනු ලබයි. මේ වනවිට ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකටම දායක වී ඇති නිලුෂා ඉදිරියේදී තවත් එවැනිම නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි.

නිලුෂා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

මම පුවත්පතකින් දැක්කා සුගත් සමරකෝන් මහත්මයා මෙහෙයවන රංග කලා ඇකඩමියක්. මේක
තිබුණේ සුදර්ශියේ. රඟපාන්න තිබුණ ආසාවට මම මේ ඇකඩමියට සම්බන්ධ වෙලා රංගනය ගැන ඉගෙන ගත්තා. මාස හයක කාලයක් මේ පාඨමාලාව පැවැත්වුණා. ඊට පස්සේ තමයි කලා කටයුතුවලට සම්බන්ධ වුණේ.

දැනට ඔබ දායක වුණ කලා කටයුතු මොනවද?

ශීවා සර්ගේ ‘අඟුරු සිත්තම’ ටෙලි නාට්‍ය යේ තමයි මුලින්ම මම රඟපැවේ. ඊට පස්සේ රොහාන් සමරදිවාකර සර්ගේ ‘මීදුමෙන් එහා’ නාට්‍යෙය් රඟපැවා. ‘සුජාතා’, ‘ෆේස්බුක්’ මම රඟපාප් තවත් ටෙලි නාට්‍යය දෙකක්. සුගත් සර්ගේ ‘අපේ කාලේ පටචාරා’ චිත්‍රපටයෙත් රඟපැවා. පෝ දින නාට්‍යයක මම ප්‍රධාන චරිතයක් කළා.

මේ නිර්මාණවලට අමතාව ගීත රූප රචනා වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මම දැනට දායක වෙලා තියෙනවා. ඒ අතරින් ‘MD කෝඩියල්’ කියන වෙළෙඳ දැන්විම් ගොඩක් ජනප්‍රිය වුණා.

නිරූපණයටද? රංගනයටද? ඔබ වඩා කැමති?

මම පොඩි කාලේ ඉඳලාම ලස්සනට අඳින්න, විලාසිතා කරන්න කැමතියි. ඒ හින්දා පොඩි කාලේ මගේ හීනේ වුණේ නිරුපිකාවක් වෙන්න. හැබැයි මම හිතුවා නිරුපිකාවක් වෙනවා නම් ඒ විෂය හදාරලා තමයි ඒ පැත්තට යොමු වෙන්නේ කියලා. අදටත් මම නිරූපණය ගැන හදරනවා.

කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය නම් මට හොඳයි. අද වෙනකම් මට නම් මේ ක්ෂේත්‍රය තුළ ගැටළුවක් ඇති වෙලා නැහැ. හොඳ අය නරක අය දෙගොල්ලේම ඉන්නවා. මම නම් හිතන්නේ අපි හොඳ නම් ඉන්න දන්නවා නම් මේ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් යන්න පුළුවන් කියලා.

ක්ෂේත්‍රයවලින් ඉදිරියට යන්න ඉලක්ක තියෙනවාද ඔබට?

ඉලක්ක නම් ගොඩක් තියෙනවා. මම ගොඩක් හෙමින් ගමනක් යන කෙනෙක්. මට හදිස්සියක් නැහැ. දක්ෂ රංගන ශිල්පිණියක් වගේම හොඳ නිරූපිකාවක් වෙන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම මේ ක්ෂේත්‍ර ගැන පුළුවන් අවබෝධයක් ලබාගෙන හොඳ තැනකටත් එන්න මගේ අදහසක් තියෙනවා.

උදව් කරපු අය?

උදව් කරපු අයනම් ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රවල කට්ටිය. ඒ අතරින් සනත් පුෂ්පකුමාර අයියාව විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. මොකද, ඔහුගේ මඟපෙන්වීම යටතේ තමයි මාව සුදර්ශියේ තිබුණ සුගත් සර්ගේ ඇකඩමියට සම්බන්ධ වුණේ. ඊට අමතරව මගේ පවුලේ අය. යහළු යෙහෙළියෝ සියලු දෙනාවත් මේ වෙලාවේදී මතක් කරනවා.

බුද්ධික සේනාධීර


gossip lanka