gossip lanka

යාපනයේ කැළෑවකින් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක නටඹුන් මතුවෙයි - (photos)

යාපනයේ පුතූර් ප්‍රදේශයේ කැළෑවක් තුළින් බෞද්ධ උරුමයන් සහිත නටබුන් රැසක් හමුවී ඇතැයි යාපනය පුරා විද්‍යා කාර්යාලය ප්‍රකාශ කරනවා.

මෙම කොටස් බෞද්ධ සිද්ධස්ථානයක නටඹුන් විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

සොයාගත් බෞද්ධ පුරාවස්තු පිළිබදව ස්ථිර වශයෙන් දැන්ම නිගමනයකට එළඹිය නොහැකි බව කියා සිටින යාපනය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් කොට ඇති බවයි.

යුද සමයේදී යාපනයේ කැළෑබද ප්‍රදේශවල පිහිටි පුරාවස්තු රැසක්ම විනාශ වී ගොස් ඇති බව ද පුරාවිද්‍යා නිලධාරීන් පෙන්වා දෙනවා.

මෑතකදී නිලධාරීන් හා සේවකයින් දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගෙන ඔවුන්ගෙන් විශාල පිරිසක් උතුරේ රාජකාරී කටයුතුවල යෙදවීමත් සමගම මෙවැනි නව පුරාවස්තූන් පිළිබඳ සොයා ගැනීමට හැකි වී ඇති බව ද පුරාවිද්‍යා නිලධාරීන් කියා සිටියා.
gossip lanka