වසර 10ක සිරදඬුවමක් නියම වූ හිටපු අගමැතිගේ අන්තිම තුරුම්පුවත් වරදී

බලයෙන් පහ කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ඊයේ (13) ලාහෝර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු අගමැති නවාස් ෂරීෆ් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන්.

මේ චෝදනාව සම්බන්ධයෙන් ෂරීෆ්ට පසුගියදා
පාකිස්තාන අධිකරණයෙන් වසර 10 සිර දඬුවමක් නියම කළා.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ලන්ඩනයේ සිට පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී ඊයේ (13) රාත්‍රීයේ හිටපු අගමැතිවරයා සමඟ ඔහුගේ දියණිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු අගමැතිවරයාට සිරදඬුවම් නියම වීම ඔහු නියෝජනය කරන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය-එන්’ පක්ෂයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශකර තිබෙනවා.

නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සමඟ ප්‍රබල තරගයකට මුහුණ දී සිටි අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාකිස්තානයේ ආරක්ෂක අංශවල සහාය හිමිවන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.