ගම්පොළ අධිකරණ සිර මැදිරියේදී අම්මා සමඟ රිමාන්ඩ් වූ පුතා ගෙළ වැළලාගෙන

ගම්පොළ ප්‍රදේශයේ හෙරොයින් ඇබ්බැහියට හුරුවූ 23 හැවිරිදි තරුණයකු මුදල් සෙවීමට සොරකමේ යෙදී එම සොරකම් කළ බඩු මව ලවා විකුණන්නට ගොස් හසුවීමෙන් පසු මව සමඟම සතියක පමණ කාලයකට රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබියදී අනපේක්ෂිත ලෙස ගෙළ වැළලාගෙන මියයාමේ සිදුවීමක් වාර්තා වෙනවා.

මව රඳවා තිබුණ සිර කුටියට ඉදිරිපිට අනෙක් පස සිර
කුටියේ රැඳී සිටි ඔහු තම ක්‍රියාව සම්බන්ධයෙන් කළකිරීමෙන් කල්ගත කර තිබෙන අතර නිලධාරීන්ට නොපෙනෙන්නට සිය අත්දිග කමිසයෙන් එල්ලී ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මැදගෙදර තිවංක මධුශාන් ලක්ෂිත නමැති 23 හැවිරිදි තරුණයෙක්.

ප්‍රදේශයේ නිවාස බිඳ රන් භා ණ්ඩ හා මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් මෙම තරුණයා හා සොරබඩු අළෙවි කිරිමට සහය දැක්වූ ඔහුගේ මව ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ දෙදෙනා ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න වෙත ඉදිරිපත් කළ පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබුණා. ඒ අනුව මෙම මව හා පුතු ගම්පොළ අධිකරණය අසල බන්ධනාගාර සිර මැදිරියේ කාමර දෙකක රඳවා තබා ඇත්තේ මහනුවර පල්ලෙකැලේ සිර මැදිරිය වෙත රැගෙන යනතුරුයි.‍ මෙම තරුණයා සිටි මැදිරිය තුළ තවත් සැකකරුවන් දෙදෙනෙකුද සිට ඇති අතර එම සිර මැදිරියට ඉදිරිපස ඇති සිර කුටියේ මව රඳවා සිට ඇත.

මොහු සිර මැදිරිය තුළ සිටියදී ඇඳ සිටි කමිසය ගලවා සිර මැදිරියේ කඩ දොර සවි වී ඇති ස්ථානයට (සරනේරුව) ගැටයක් දමාඑල්ලී ඇත්තේ අනෙක් සිරකරුවන් දෙදෙනා නින්දට ගිය අවස්ථාවක ආරක්ෂාවට සිටි ඛන්ධනාගාර නියාමකවරයා හා නියාමකවරියගේ අවධානය නොමැති වෙලාවකයි.

එසේ එල්ලුණ ඔහු එතැනම මියගොස් ඇත. තමා මව සමග හසුවීම ගැන ඔහු බලවත් කලකිරීමකින් පසුවූ බව මැදිරියේ සිටි අය සාක්ෂි සපයා ඇත. මොහුගේ සිරුර ගම්පොළ රෝහලට රැගෙන ගිය පසුව පශ්චාත් පරීක්ෂණය සිදු කෙරුණා.

තිදනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වන මොහු රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් සිටියදී හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටි බව ඔහුගේ පියා පවසා තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ ගම්පොළ අටබාගේ දඩයම ප්‍රදේශයේ වෙළඳසලක් සහිත නිවසක් බිඳ මුදල් රුපියල් පනස් දහසක් සමඟ රන් භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන්.

එම ප්‍රදේශයේ ම පාසල් ගුරුවරියකගේ රන් භාණ්ඩ සොරකමක් හා තවත් නිවසක් බිදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබුණා.

එම මුදල් වලින් රුපියල් පනස් දහසක් වැය කර හෙරොයින් පානය කර ඉතිරි මුදලින් ත්‍රිරෝද රථයක් මිලදී ගත් බව ඔහු පොලිසියට හසුවූ පසුව පාපොච්චාරණය කර තිබේ. තමන් සොරකම් කරන රන්භාණ්ඩ මුදල් කර දෙන්නේ මව බවද ඔහු පවසා තිබුණ අතර ඒ හේතුව නිසා මවද අත්අඩංගුවට පත්ව ඇත.

ඔහුගේ හෙරොයින් ඇබ්බැහිය නවතා ගන්නට නොහැකි නිසාත් මුදල් අවශ්‍යවූ නිසාත් ස්වර්ණාභරණ උකස් කර මුදල් ලබාදෙන්නට තමා ඉදිරිපත්වූ බව මව පවසා තිබේ.

මියගිය අයගේ මළ සිරුර ඔහුගේ පියාට භාරදී තිබෙන අතර මව තවමත් බන්ධනාගාරයේ පසු වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


gossip lanka