අපි මහ බැංකුවේ වැඩ කරන්නේ කියලා පන්සලේ හාමුදුරුවන්ට අම්මයි දුවයි දාපු අමුතු සෙල්ලම මෙන්න

ශ්‍රී ලංකා මහබැංකුවේ සේවය කරන බව පවසමින් විහාරස්ථානවලට ගොස් මුදල් වංචා කළ මවක් සහ දියණියක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විහාරස්ථානවල සංවර්ධනය සදහා මුදල් ලබා ගැනීමට නම් ගිණුමක් ආරම්භ කළ යුතු බව පවසමින් ඔවුන් මෙලෙස මුදල් වංචා කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව, එම මව සහ දියණිය වැලිමඩ ප්‍රදේශයේ විහාරස්ථානයකින් ලක්ෂ එකහමාරක පමණ මුදලක්
ලබා ගැනීමට උත්සාහ කිරීමේදී පොලීසිය පසුගියදා අත්අඩංගුවට ගත්තා.

සැකකාර මව රැකියාව ලබාදෙන බව පවසමින් ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මුදල් වංචා කර ඇති බවටයි වාර්තා වන්නේ.


gossip lanka