නිවසේ කිසිවෙකු නැති අතරේ ජනේලයෙන් පැන 17 හැවිරිදි තරුණිය දූෂණය කරපු කාමාතුරයාට ගම්මු සලකපු හැටි

දාහත් හැවිරිදි පාසල් දැරියක් නිවසේ නිදාසිටින අවස්ථාවෙදී ජනේලයක් කඩා නිවසට ඇතුළු වී එම දැරිය දූෂණය කල සැකකරුවකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැද බිබිල පොලිසියට භාර දී තිබෙනවා.

මොණරාගල බිබිල පොලිස් බල ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

වින්දිත දැරියගේ පියා හමුදා සෙබලෙක් වන අතර මව කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන බවත් මෙම දැරිය සිය නැගනියන් දෙදෙනා
සමග සියාගේ නිවසේ පදිංචිව සිටින අතර තුර මෙය සිදු වී තිබෙනවා.

මෙම සිදුවීම සිදු වන විට නැගනියන් දෙදෙනා පාසල් ගොස් සිට ඇති අතර සීයා අසල මගුල් ගෙදරක අත් උදව්වට ගොස් ඇති බවත් සඳහන්.

අදාළ දැරිය 2017 වසරේ සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දැරියක් වන අතර සිද්ධිය සිදු වන අවස්ථාවෙදී දැරිය කාමරයේ නිදා සිටි බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවෙදී සැකකරු විසින් ජනේලය සඳහා ආවරණය කර තිබූ කාඩ් බෝඩ් කැබැල්ල ඉවත් කර කාමරයට ඇතුළු වී මුහුණට කොට්ටයක් තබා දැරිය අපයෝජනය කර තිබෙනවා.

පසුව මේ සිදුවීම කිසිවෙකුටත් නොකියන ලෙස කියා දැරිය බිය ගන්වා සැකකරු පලා ගොස් ඇති අතර පසුව දැරිය කල දැනුම් දීමකට අනුව ප්‍රදේශවාසීන් විසින් සැකකරුව සොයාගොස් අල්ලාගෙන ගස් බැඳ බිබිල පොලිසිය වෙත භාර දී ඇත.

මෙම සැකකරු බිබිල නාගල සිකුරුලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසනවා..

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.