‘නළුවෙක්වත් ජිම් ගියපු රස්තා පොරක්වත් නෙමෙයි..මේ අපේ පොලිසියේ..‘ - මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා - (photos)

සාමාන්‍යයෙන් ලංකාවේ පොලීසිය කිව්වාම පොදු මහජනතාවගේ සිත් වල ඇඳෙන්නේ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි.ඇතැම් නිළධාරින් කරන අකටයුතුකම් මේකට හේතු වෙලා තියනවා.

එවැනි නිළධාරීන් අතරේ ඉතා විනය ගරුකව තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන රටක් වටින පොලිස් නිළධාරීනුත් නැතිවම නෙමෙයි.මේ ඉන්නෙත් එවැනි නිළධාරියෙක්.මොහු තමයි මීගලෑව පොලීසියේ ඕඅයිසී පද්මකුමාර විජේසූරිය මහතා.ඔහු ගැන  මේ දවස් වල මුහුණු පොතේ අය හරි හරියට කතාවෙනවා.

ඔහු මීගලෑව පොලීසියට ආපු දවසේ ඉඳන් ප්‍රදේශයේ අපරාධ සෑහන දුරට අවසන් වෙලා කියලයි ඔවුන් කියන්නේ.ඒ විතරක් නෙමෙයි දුප්පත් අසරණ අයට උදව් කරන මේ ඕඅයිසී මහත්තයා නිසා ගමේ බොහොමයක් අය දැන් පොලීසියත් එක්ක ගොඩක් සුහදශීලිව කටයුතු කරනවාලු..

පහතින් දැක්වෙන්නේ මුහුණු පොතේ අය  පද්මකුමාර විජේසූරිය ඕඅයිසී මහත්තයා ගැන කියපු කතා ටිකක්...
gossip lanka