මත්තල ගුවන්තොට ඉන්දියාවට දීම යුධ ගැටුමකට අත වැනීමක් !

මෑතකදී නවදිල්ලි නුවර උපායමාර්ගික සංවාද මණ්ඩපයකදී අදහස් පළකල ඉන්දියාවේ හමුදාපති ඩෙරරාල් බීපින් රවාට් මහතා චීනය විසින් ඉන්දියාවේ ඉවසීමේ සීමාව පරික්‍ෂා කරන බවට චෝදනා කළේය. ඩොක්ලාම් දේශසීමාවේදී ඉන්දියානු සහ චීන හමුදා මුහුණට මුහුණලා සිට ගැනීමේ යුදමය ප‍්‍රවනතාවය පිළිබඳ අදහස් පළකරමින් ඔහු එම චෝදනාව චීනයට විරුද්ධව එල්ල කොට ඇත. එහිදී ඔහු සිදුවන දේවල් පිළිබඳව ඉන්දියාවට සතුටුවිය නොහැකි බවත් ඉන්දියාව ඍජුව යුද්ධයකට සූදානම් විය යුතු බවත්
ප‍්‍රකාශ කොට ඇත. එම ප‍්‍රකාශය මගින් ඔහු තවදුරටත් අයධාරණය කොට ඇත්තේ චීනය සම`ග පමණක් නොව චීනයේ මිතුරා වන පකිස්ථානය සම`ගද අවශ්‍යනම් යුද වැදීමට ඉන්දියාව සූදානම් බවය. එසේම ඉන්දු – චීන දේශසීමා ගැටුම් පකිස්ථානය සහ බටහිර රාජ්‍ය විසින් තම වාසියට හරවා ගැනීමට ඉඩ තිබෙන බවද ඔහු විසින් ප‍්‍රකාශ කොට ඇත.

ඒ අතර ඉන්දියාවේ හින්දුස්ථාන් ටයම්ස් පුවත්පතේ විදේශ පුවත් සංස්කාරක ප‍්‍රමිත් චවුද්රි මහතා ට අනුව ඩොක්ලාම් හි ඉන්දු – චීන ගැටුම තුළ මීට පෙර පැවැති දේශසීමා ගැටුම් වලට වඩා වෙනස් ප‍්‍රවනතාවයක් දක්නට ලැබේ. ඔහුට අනුව ඉන්දියාව ප‍්‍රථම වතාවට ඉන්දියානු දේශසීමාවෙන් ඔබ්බෙහි පිහිටි රටකකදී චීනය සම`ග ගැටුමකට මුලපුරා ඇත. චීනය තම දේශසීමාව තුළ එනම් ටිබෙට් ප‍්‍රදේශයේ මාර්ග ව්‍යාපෘතියක යෙදී සිටින අවස්ථාවේදී ඉන්දියාව තමා විසින් ඇදාගත් භුමියක් වන සීකිමයෙන් ඔබ්බට ගොස් භූථාන දේශසීමාව තුළට හමුදාව යවමින් චීනයට එරෙහිව බලය පෙන්වා ඇත. එම මාධ්‍යවේදීයාගේ මතයට අනුව චීනය සහ ඉන්දියාව තම භූ දේශපාලන උවමනාවන් දකුණු ආසියානු කලාපය තුළ පමණක් නොව ගෝලීය මට්ටමින් පුළුල් කිරීමට උත්සාහ ගනිමින් සිටියි. ඒ තුළ දෙරට තුන්වන රටකදී එකිනෙකා සම`ග ගැටුමක් ඇතිකර ගැනීමට වැඩි ඉඩ කඩක් තිබෙන බව ඔහු අවධාරණය කරයි. මේ වන විට ‘‘බි‍්‍රකස්’’ සමුළුව මුල්කරගෙන ඩොක්ලාම් හි දේශසීමා අර්බුධය තාවකාලිකව සමනය වූ පෙනුනත් ඉන්දීය හමුදාපතිවරයාගේ ප‍්‍රකාශ අළු යට ගිනි පුපුරු දැල්වෙන හැටි දැකගත හැක.

කෙසේවෙතත් ඩොක්ලාම් ගැටුම දෙස මධ්‍යස්ථව බලන විට ඉන්දියාව ප‍්‍රකෝපකාරීව හැසිරෙන බව පෙනේ. චීනය තම හමුදා රඳවා ඇත්තේ චීන දේශසීමාව තුළය. නමුත් ඉන්දියාව විසින් තම හමුදා දේශසීමාවෙන් ඔබ්බට රැුගෙන ගොස් තුන්වන රටකදී චීනය සම`ග දේශසීමා ගැටුමකට මුලපුරා ඇත. මෑතකදී ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් සහ ආරක්‍ෂක උපදේශකවරයක් වූ සිව්ශන්කර් මෙනන් මහතා විසින් නිය්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා තිබූ මතවාදයකින් ඉන්දියාවේ ප‍්‍රහාරක ස්ථාවරය පිළිබිඹු වේ. එහිදී ඔහු ප‍්‍රකාශකොට ඇත්තේ ඉන්දියාව තම වර්තමාන න්‍යෂ්ඨික අවි න්‍යාය වෙනස් කිරීමට සලකා බලමින් සිටින බවය. එනම් න්‍යෂ්ඨික අවි ප‍්‍රහාරයකදී ‘‘පළමු වැනියා නොවිය යුතුයි’’ යන ස්ථාවරය වෙනස් කරන බවය. එහිදී අතරමැදි ස්ථාවරයක් නොමැති අතර නව ස්ථාවරය විය යුත්තේ අවශ්‍යනම් ‘‘පළමුවැනියා විය යුතුය’’ යන්න නොවේද? ඉන්දියාව න්‍යෂ්ඨික අවි භාවිතයට අදාලව ආරක්‍ෂාකාරී ස්ථාවරයක සිට ප‍්‍රකෝපකාරී හෙවත් ප‍්‍රහාරක ස්ථාවරයකට මාරුවීම යනු දකුණු ආසියානු කලාපයේ රටවල් න්‍යෂ්ඨික අවි ප‍්‍රහාර භිතියකට තල්ලූ කිරීමකි.

එවැන් තත්වයක් තුළ පකිස්ථානයද න්‍යෂ්ඨික අවි භාවිතයට අදාලව තමා විසින් පවත්වාගෙන යනු ලබන ආරක්‍ෂණවාදී ස්ථාවරයන් වෙනස් කිරීමට ඉඩ ඇත. ඒ සම`ගම පකිස්ථානය තම ආරක්‍ෂාව සඳහා චීනයට නැඹුරුවීමේ ප‍්‍රවනතාවයද වැඩිවනු ඇත. ඉන්දියාව සහ ඇමෙරිකාව අතර අත්සන් කොට ඇති ආරක්‍ෂක ගිවිසුම් ත‍්‍රිත්වය නිසා සහ ඉන්දු – ජපාන සබඳතා දැඩිලෙස වර්ධනය වන ස්වරූපය අනුව ඉන්දියාවට එරෙහිව කලාපයේ රටවල පවතින සැකසංකා සහ අවිශ්වාසය තවදුරටත් වර්ධනය වේ. මෑතකදී ශ‍්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව ත‍්‍රිකුණාමලය වරාය අශ‍්‍රීත සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානය අතර එක`ගතාවයක් ඇතිකරගත් බව මෑතකදී ඉන්දියානු රජය විසින් ප‍්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකාව විසින් මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට බදු දීමට ගනු ලබන තීරණය පරීක්‍ෂාවට ලක්කල යුත්තේ ඉහත දැක් වූ මහා පින්තුරය තුළය. එම පින්තූරයට චීනය විසින් පාලනය කරනු ලබන හම්බන්තොට වරාය යන සාධකය ඇතු්ලකළ විට තත්වය තවදුරටත් සංකීර්ණ ෙවි. මෑතකදී ශ‍්‍රී ලංකාවේ සිටින ජපාන තානාපතිතුමා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරනු ලැබුවේත. ඕනෑම රටක එම රටේ වරායවල් බාහිර රටවල ආධිපත්‍යයට යටත් කිරීම තම රට අනුමත නොකරන බවය. එම ප‍්‍රකාශය මගින් ඉහත සඳහන් කළ මහා පින්තූරය වඩා භයානක ස්වරූපයක් නොගන්නේද?

ඒ සියළු කාරණා සැලකිල්ලට ගැනීමේදී දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයේ පිහිටි ප‍්‍රධානතම වරාය චීනයේ ආධිපත්‍යයට යටත් කොට ඊට කි.මි. 24ක් දුරින් පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය ආධිපත්‍යයට යටත් කිරීම මොනතරම් ගැටුළුකාරී දේශපාලන තීන්දුවක්ද යන්න පැහැදිලි වේ. ඒ ආකාරයට යුද වැදීමට බලා සිටින ලෝික බලවතුන් දෙදෙනෙකු යුදමය උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ආසන්න ස්ථාන දෙකක ස්ථානගත කිරීම ශ‍්‍රි ලංකාවේ පැත්තෙන් ගත්විට සියදිවි නසාගැනීමේ උත්සාහයක් ලෙස හැදින්වීම වරදක් නොවේ.

ඉන්දියානු වෙරළේ සිට කි.මි. 24කට අඩු දුරකින් (සැතපුම් 14ක්* පිහිටි ශ‍්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළ වානිජ ගුවන් කේන්ද්‍රයක් ලෙස වැදගත් වැදගත් වන්නේ ඔස්ෙටි‍්‍රලියාවේ, චීනය, වියට්නාමය සහ ඉන්දුනිසියාව වැනි රටවලටය. මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට වැදගත් වන්නේ වානිජ වශයෙන් නොව යුදමය වශයෙනි. එම ගුවන්තොටුපල සතුව තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ඉඩ කඩ තිබෙන අතර දැනටමත් තෙල් ලීටර් මිලියන 03ක් ලගබඩාකළ හැකි තෙල් ටැංකි සංකීර්ණයක්ද ඇත. ඊට අමතරව ඒ ආශ‍්‍රිතව ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහ විදේශීය ගුවන්යානා සඳහා ඉංජිනේරු පහසුකම් සැලසීමට ශ‍්‍රි ලංකා ආණ්ඩුව පවා සැලසුම්කොට තිබුණි. ඒ අනුව එම ගුවන්තොටුපලේ පාලනය වසර 40කට අත්පත් කරගන්නා සමාගම ඉන්දියානු ඔත්තුසේවා විසින් හසුරුවනු ලබන සමාගමක් වන බවට ජාත්‍යන්තර දේශපාලනේය අයන්න දන්නා අයෙකුට වුවුද වටහාගත හැක. එසේනම් චීනය හම්බන්තොට සිට ඊට ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් නොවන්නේද?

ඉන්දියානු රජයේ ආරක්‍ෂක උපදේෂක ශිවශන්කර් මෙනන් මහතා විසින් 2016 දී ප‍්‍රකාශයට පත්කළ ‘‘තේරීම් : ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය හැදීමේ ඇතුලාන්තය නැමැත කෘතියේ සඳහන්වන කාරණයක් අනුව මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට කෙතරම් වැදගත් වනවාද යන්න පැහැදිලි වේ. ඊට අනුව ශ‍්‍රී ලංකාව යනු ඉන්දියාවට සැතපුම් 14ක් දුරින් නවතා ඇති ගුවන්යානා රදවන යුද නෞකාවකි. එසේනම් ඉන්දියාව විසින් මත්තල ගුවන්තොටුපල අත්පත්කර ගැනීම යනු තමාට එරෙහිව භාවිතා කිරීම සඳහා ඉන්දියානු වෙළර සමීපයේ නවතා ඇති ගුවන් ප‍්‍රහාර හැකියාව සහිත නෞකාවේ සුක්කානම තම අතට ගැනීමක් ලෙස නිර්වචනය කළ හැක. එය කෙතරම් බරපතල තත්වයක්ද?

හම්බන්තොට වරාය චීනයට පැවරීම යන කරුණ ව්‍යුක්තව ගත්විට ඒ මගින් ශ‍්‍රී ලංකාවට දිර්ඝකාලීනව බරපතළ ආර්ථික පාඩුවක් සිදුවේ. ශ‍්‍රී ලංකා රජයේ එම දුප්පත් තීන්දුව සමාන කළ හැක්කේි බේබද්දෙක් විසින් රත්තරන් බිජුු ලන තම කිකිළි විකුණාගන කෑම වැනි ක‍්‍රියාවකට පමණි. එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය වලින් මේ වන විට ඇ.ඩො.මිලියන 500ක් ආපසු ගෙවා ඇති බැවින් ඉදිරි වසර 20 තුළ ගෙවීමට සිදුවන්නේ වසරකට ඩොලර් මිලියන 95කි. නමුත් ණය ගෙවීමට මුදල් නොමැති බව කියන ආණ්ඩුව මෑතකාලීනව විදේශීය පාන්පිටි සහ කරිපිටි සමාගම් වලට ලබාදුන් සමස්ථ බදු සහන වල වටිනාකම ඩොලර් මිලියන 300 ඉක්මවා යයි. එම සමාගම් විසින් රජය ඔවුන්ට ලබාදුන් බදු සහන වලට සාපෙක්ෂව පාරිභෝගිකයාට සහන ලබාදී නැත එසේ නම් එයයම් නිලධාරියෙක්ට හෝ දේශපාලනඥයකුට කොමිස් ගැසීම සඳහා ආරම්භ කළ බදු සහන කර්මාන්තයක් බව පැහැදිලි වේ. ඒ අනුව වරාය විකුණාකෑම දේශපාලන වශයෙන් දුප්පත් මුග්ධ ක‍්‍රියාවක් බව ඉතා හොඳින් පැහැදිලි වේ.

නමුත් මත්තල ගුවන්තොටුපළෙහි යුදමය වැදගත්කම සහ හම්බන්තොට වරායේ වාණිජ වැදගත්කම යන කරුණු දෙක සැලකිල්ලට ගැනීමේදී මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවේ පාලනයට යටත් කිරීම යනු හම්බන්තොට වරාය චීනයට පැවරීමට වඩා සිය ගුණයකින් අනතුරුදායක දේශපාලන තීන්දුවකි. හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් පසුව එය සමබර කිරීම සඳහා ත‍්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පැවරීමෙන් නොනැවතී හම්බන්තොට වරායට අල්ලපු වැටේ පිහිටි මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට දීම වඩාත් භයානක වේ. ත‍්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා ඉන්දියානු. ඇමෙරිකානු සහ ජපාන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වීම ආරම්භ වූ පසුව ශ‍්‍රී ලංකාව මහ බලවතුන්ගේ යුද පිටියක් බවට පත්වීම අනාගතයේදී කිසිවෙක්ට වැළැක්විය නොහැකි වනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර


- colombotoday