ඔස්ට්‍රේලියානු ප්‍රධානතම මූල්‍ය ආයතනයක CEO තනතුරට පත් ශ්‍රී ලාංකීය කාන්තාව

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක් වන මැකෝරි (Macquarie) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලංකාවේ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය ඊයේ (26) පත්ව තිබෙනවා.

එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ නිකලස් මූවර් මහතාගේ විශ්‍රාම යෑමත් සමග ඒ මහත්මිය එම තනතුරට පත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ආයතන 20 අතර මෙවැනි
ප්‍රධාන විධායක තනතුර‍ක් හොබවන ප්‍රථම කාන්තාව ලෙසද ඇය එරට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ වාර්තාගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය ප්‍රථමයෙන්ම මැකෝරි ආයතනයට සම්බන්ධ වී ඇත්තේ 1987 වර්ෂයේදීයි. එහිදී ඇය විශ්‍රාමලත් මූවර් මහතා යටතේ ආයතනික සේවා සඳහා සම්බන්ධ වී ඇති අතර, ඒ යටතේ උපදේශක, යටිතල පහසුකම්, අරමුදල්, ආයතනික කල්බදු, ණය ලබාදීම යන සේවා අංශ රැසක කටයුතු කර තිබෙනවා.

කෙසේ වුවද වික්‍රමනායක මහත්මිය 2008 වර්ෂයේ මූවර් මහතා ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ පසු මැකෝරිහි වත්කම් කළමනාකරණ වගකීමද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

වසර 10ක් ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ නිකලස් මහතා සිය විශ්‍රාම යෑමත් සමග මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ නායකත්වය තමන්ට මහත් සතුටක් මෙන්ම ඇයට ලැබුණු වරප්‍රසාදයක් ලෙසයි.

තමන් සමග වසර 30ක් සේවය කළ ඇය වැඩකටයුතු හොඳින් සිදුකිරීම පිළිබඳව සහ ආයතනයේ ආරක්ෂාව පිළිබඳ කිසිදු බියක් නොමැති බවද හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා ඇත්තේ.

එක්සත් ජනපදය හා කැනඩාව තුළමූල්‍ය සේවා සැපයීමේ ප්‍රසිද්ධියක් උසුලන මෙම ආයතනය පසුගිය වර්ෂවල වික්‍රමනායක මහත්මියගේ වත්කම් කළමනාකාරීත්වය යටතේ ලෝකයේ රටවල් 23ක 1600ක කාර්ය මණ්ඩලයකින් යුතුව වේගයෙන් වර්ධනය වන්නා වූ සාර්ථකම ආයතනය බවට පත්ව තිබෙනවා.

මෙම ආයතනයේ ටී.එම්. පර්යේෂණ ප්‍රධානී බෙල් පෝටර් ප්‍රකාශ කරන්නේ මෙම තනතුරු සඳහා සුදසුම පුද්ගලයා ඇය බවයි.

කෙසේ වුවද වසර 30ක් මුළුල්ලේ තමන් මෙම ආයතනය සමග සමීපව කටයුතු කළ අතර, එහිදී තමන්ට කිසිදු බාධකයක් නොතිබුණ බවත්,එහිදී කිසිසේත් ස්ත්‍රී පුරුෂභාවය, වාර්ගිකත්වය ආදී සාධක පදනම් කර නොගෙන සිය ගුණාත්මකභාවය ගැන පමණක් සැලකීම පිළිබඳවත් වික්‍රමනායක මහත්මිය මාධ්‍ය හමුවේ සිය ආයතනයට ප්‍රශංසා කර තිබෙනවා.



gossip lanka