අපේ රටේ ප්‍රවීණයෝ මතුපිටින් පෙන්වන දේ නෙමෙයි පිටිපස්‌සේ ඉඳන් කරන්නේ

ඉරාඡ් වීරරත්න කියන්නේ හැමදාම වෙනස්‌ විදිහේ වැඩක්‌ කරන්න හදන චරිතයක්‌නේ. ඔන්න මෙදා පාරත් වෙනස්‌ම වැඩ ටිකක්‌ තමයි ඉරාඡ් කරලා තියෙන්නේ. ඉරාඡ් කරපු වෙනස්‌ම වැඩටික මීවිතට මේ විදිහට කිව්වා.

ඉරාඡ් ඇයි මේ වැඩි සද්ද බද්දයක්‌ නැත්තේ ?

මේ දවස්‌වල අලුත්ම වැඩ ටිකක්‌ පටන්ගත්තා. මම අලුත් මොබයිල් ටීවී චැනල් එකක්‌ එළිදැක්‌වූවා. යූ ටියුබ් සහ කේබල් ටීවී එකේ නොයිස්‌ ටීවී කියලා. මේ දවස්‌වල ඒක හරි ජනප්‍රියයි. යූත් එක ටාගට්‌ කරලයි කළේ. ඒ වගේම නොයිස්‌ කියලා ටී ෂර්ට්‌ බ්‍රෑන්ඩ් එකක්‌ ලොන්ච් කළා. ඒ දෙකට මහන්සිවෙනවා.

ඉරාඡ් සින්දු හදන වැඩේ නවත්තලා ටී ෂර්ට්‌ විකුණනවාද?

නැහැ. මම හැමතිස්‌සේම වෙනස්‌ වැඩනෙ කරන්නේ. මට ඒ පැත්තත් පොඩ්ඩක්‌ බලන්න හිතුණා. මම බොහොම පොඩියට තමයි ටී ෂර්ට්‌ බ්‍රෑන්ඩ් එක පටන්ගත්තේ. කියන්න සන්තෝසයි ලංකාව වටේ ලොකු ඉල්ලුමක්‌ තියෙනවා. දාන දාන හැම ඩිසයින් එකම දවස්‌ දෙක තුනෙන් විකිණෙනවා. ඒකත් මට ඔන්ලයින් විතරයි කරන්නේ. මගේ ෙෆ්ස්‌බුක්‌ එකේ ඉන්නවා මිලියනයකට අධික පිරිසක්‌. යූ ටියුබ් එකෙත් ඉන්නවා
තවත් විශාල පිරිසක්‌. ඒaක හින්දා අලුත් මාර්කටින් ක්‍රමයක්‌ හොයාගත්තා මිනිස්‌සු අතර යන්න.

පසුගිය දවස්‌වල කරපු දේවල් අසාර්ථකයි කියලාද හිතන්නේ ?

නැහැ. පොඩ්ඩක්‌වත් අසාර්ථක නෑ. පසුගිය කාලේ කරපු මියුසික්‌ වීඩියෝ මිලියන ගණන් නැරඹුවා. මිනිස්‌සු බැලුවා. ඒකෙන් මගේ යූ ටියුබ් චැනල් එකත් හැදුණා.

ඒක නිසාමද මොබයිල් ටීවී එකක්‌ හැදුවේ ?

නැහැ. මේකෙන් රටේ ප්‍රශ්න ගැන කතා කරනවා. මියුසික්‌ වීඩියෝ යනවා. තාරුණ්‍යයට තියෙන ප්‍රශ්න කතා කරනවා. අලුත් අයට චාන්ස්‌ එකක්‌ තියෙනවා. හොඳ වැඩක්‌ කරලා තියෙනවා නම් ඒ ගොල්ලන්ට මේ චැනල් එක හොඳ චාන්ස්‌ එකක්‌.

පසුගිය කාලේ කරපු මියුසික්‌ වීඩියෝ ගැන මොකද හිතන්නේ ?

පසුගිය කාලේ මම වෙනස්‌ නිර්මාණ කළා. හැම නිර්මාණයක්‌ම කළේ අපිව කොටු කරලා තියෙන ෆේ‍රaම් එක කඩන්න. ඒ වැඩවලදී මම සමහර යම් යම් දේවල් කළා. මම හිතන්නේ දැන් අපිට නිදහසේ මියුසික්‌ වීඩියෝ කරන්න පුළුවන්. ඉස්‌සර වගේ ටීවීවලට යටවෙන්න ඕනෑ නෑ. අනික දැන් මියුසික්‌ වීඩියෝ ටීවී වලින් ඈත්වෙලා. චාර්ට්‌ ෂෝ කිහිපයයි තියෙන්නේ. සෝෂල් මීඩියාවල මියුසික්‌ වීඩියෝවලට තැනක්‌ හැදිලා තියෙන්නේ.

සින්දු හිට්‌ කරන්න චැනල් ඕනෑ නෑ ?

සින්දු හිට්‌ කරන්න චැනල් ඕනෑ නෑ. ගොඩක්‌ අයගේ මතයක්‌ තියෙනවා සීමිත පිරිසක්‌ සෝෂල් මීඩියාවල ඉන්නේ කියලා. ඒ මතය වැරදියි. මගේ මියුසික්‌ වීඩියෝවක්‌ යූ ටියුබ් එකට දැම්මහම ගමේ ඉන්න කොල්ලොත් ඒක ඩවුන්ලෝඩ් කරලා ෆොaන් එකෙන් ෆොaන් එකට යවනවා. මුහුණුපොතේ ෂෙයාර් කරනවා. ඒ ක්‍රමය හොඳයි කියලා මට හිතෙනවා.

ඉරාඡ් ඉස්‌සරහට සින්දු ප්‍රමෝට්‌ කරන්නේ සෝෂල් මීඩියා හරහාද?

සෝෂල් මීඩියා හරහා 2015 ආණ්‌ඩුවකුත් පෙරළුණා. ඉතිං මම හිතන්නේ සෝෂල් මීඩියාවල පවර් එක දැන ගත්තේ ඊට පස්‌සේ. ලෝකයේ තියෙන විප්ලව පටන්ගන්නේ සෝෂල් මීඩියාවලින්. මම සෝෂල් මීඩියාවලට කැමැතියි. හරිම නිදහස්‌. අපිට ඕනෑ දෙයක්‌ කතා කරන්න පුළුවන්. මගේ නිර්මාණත් ගොඩක්‌ වෙනස්‌ වුණා. බංගලාදේශයේ, නේපාලයේ මගේ යූ ටියුබ් චැනල් තියෙනවා. ඒවායේ අයිතිකාරයා මම කියලා කවුරුවත් දන්නේ නෑ. ඒවා අතිෂය ජනප්‍රියයි.

ඉරාඡ් දැන් කලාකරුවෙක්‌ නෙමෙයි. බිස්‌නස්‌කාරයෙක්‌ද?

මෙහෙමයි. ලංකාවේ මතයක්‌ තියෙනවා කලාව කරනවා නම් සල්ලි හම්බකරන්න බැහැ. ඒක මේ අපේ රටේ ඉන්න ප්‍රවීණ කුහක මිනිස්‌සු තමයි ඔළුවට දාලා තියෙන්නේ. සංගීතය කරනවා නම් මිනිස්‌සුන්ට බොරු ඉමේඡ් එකක්‌ මවලා පෙන්වනවා. ඔය ඔක්‌කොම බොරු කතා. අන්තිමට ඔය මිනිස්‌සු තමයි ලංකාවේ තරුණයෙක්‌ ගිහිං ඇහැව්වොත් සින්දුවක්‌ කරන්න වැඩිම මුදල ගන්නවා. ඔය මිනිස්‌සු තමයි දාලා තියෙන්නේ බිස්‌නස්‌කාරයෝ සංගීතය විකුණන්න එපා කියලා. අපේ රටේ ප්‍රවීණයෝ මතුපිටින් පෙන්වන දේ නෙමෙයි පිටිපස්‌සේ ඉඳන් කරන්නේ.

ඉරාඡ්ගේ අලුත්ම සින්දුව මොනවගේ වෙයිද?

මම හැමදාම කාලෙන් කාලෙට වෙනස්‌ම සින්දු තමයි කරන්නේ. රටේ තියෙන ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. ඉස්‌සරහට හොඳ නිර්මාණ කිහිපයක්‌ ලැහැස්‌ති කරලා තියෙනවා. ඒවා හෙමින් හෙමින් එළියට දානවා. ඒ වගේම යූ ටියුබ් එකේ මොනවාද වෙන්නේ කියලා මම බලාගෙන ඉන්නවා.

ඉරාඡ් ජාත්‍යන්තරයට ගීත එකතුවක්‌ කරනවා කියන්නේ ඇත්තද?

ඔව්. ඒ ආරංචිය හරි. මම මේ දවස්‌වල ඉංග්‍රීසි ගීත එකතුවක්‌ නිර්මාණය කරනවා. මම පසුගිය දවස්‌වල මේ රටේ ගොඩක්‌ නිර්මාණ හැදුවා. මම හිතන්නේ දැන් ලෝකයත් එක්‌ක සටන් කරන්න කාලේ හරි.

ඉරාඡ් ජාත්‍යන්තරයට යන්න හිතුවේ ඇයි ?

මට ජාත්‍යන්තරයේ හොඳ ගී පද රචකයෝ කිහිපදෙනෙක්‌ හම්බවුණා. ඔවුන් සම්මානනීය ගී පද රචකයන්. ඉතිං දැන් මට ඕනෑ ලංකාවේ කරපු වැඩටික ජාත්‍යන්තරයේ සිදුකරන්න. මගේ කාලයෙන් සියයට අසූවක්‌ විතර මේ ඇල්බම් එකට තමයි වැයකරන්නේ. අනෙක්‌ දේවල් මගේ චැනල් එකට යොදවන්නේ. මම මේ ඇල්බම් එක රිලීස්‌ කරන්නේ ජාත්‍යන්තර ලේබල් යටතේ. තවම ඒ ගැන සාකච්ඡා මට්‌ටමේ තියෙන්නේ. මේ රටේ මේ දේවල් කළා ඇති කියලා හිතුණා. ඒකයි එළියට ගිsහිං වැඩක්‌ කරන්න හිතුවේ.

පෞද්ගලික ජීවිතේ වෙනසක්‌ වෙන්නේ නැතිද?

හැමදාම ඉතිං වෙනස්‌ වෙනස්‌ වෙනවා.

මම කිව්වේ විවාහය එහෙම?

විවාහය ගැන හිතන්නේ නැහැ.

දැන් විවාහයට කාලය හරිනේද?

විවාහ වෙන්න ඕනැමයි කියලා කොහේවත් කියලා නැහැනේ.

ඉරාඡ්ට කසාදය ඕනෑ නැතිද?

හිතුණොත් කසාද බඳිනවා. නැතිනම් තනිකඩව ඉන්නවා.

දිනේෂ් විතාන