ජනප්‍රිය රංගන ශිල්පි ඉන්දික ගිනිගේ මියගියේ ඖෂධ අධි මාත්‍රාවක් ලබාගෙන..? - මීටත් පෙරත් රෝහල් ගත කර ඉඳලා

රංගන ශිල්පියෙකු වූ ඉන්දික ගිනිගේ මහතා මියගොස් ඇත්තේ ඖෂධ අධිමාත්‍රාවක්‌ ලබා ගැනීම නිසාද යන්න පිළිබඳ සැකයක් මතුව තිබේ.

මෙයට පෙර වතාවකදීද ඖෂධ අධිමාත්‍රාවක්‌ ලබා ගැනීම නිසා ඉන්දික ගිනිගේ මහතා රෝහල් ගතව සිටි බව වාර්තාවේ.

 ඉන්දික ගිනිගේ මහතා පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ
සිය නිවසේදී මිය ගොස්‌ තිබුණි.


පෙරේදා දහවල් සිටම වසා තිබූ කාමරයේ දොර රාත්‍රියේ කඩා බැලු විට සිය පුත්‍රයා සිහිසුන්ව වැටී සිටි බව ඉන්දික ගිනිගේ මහතාගේ පියා පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඔහුලේ දෙහය පිළිබඳ අවසන් කටයුතු අද (25) මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

gossip lanka