ක‍්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ රජ වෙයි.. සංගක්කාරටත් කොල එළියක්..

පාකිස්තාන මහ මැතිවරණයෙන් ජය ගැනීමට එරට හිටපු ක්‍රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන්ට හැකිව තිබේ.

වසර 71ක් ඇතුලත පකිස්තානයේ මැතිවරණයක් හරහා බලය හුවමාරු වන දෙවැනි අවස්ථාව මෙයයි.

නිල ප‍්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැතද තමන් දූෂණයෙන් තොර ශක්තිමත් ආර්ථිකයක්
ගොඩනැගීමට කැපවන්නේ යයි ඉම්රාන් ඛාන් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ක‍්‍රිකට් නායකයෙකු රටක නායකයා වීම විශේෂත්වනයක් වන අතර ශ‍්‍රී ලංකාවේද ඉදිරි ජනාධිපතිවරණය සදහා කුමාර සංගක්කාරගේ නම කියැවෙයි.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් ක‍්‍රිකට් දිවියෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු වසර 20ක් පමණ පුර්ණ කාලීන දේශපාලනයේ නිරත විය.